මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ආමි චූටි නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදනෛකු අත්අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.
ඕමල්පගේ ධම්මික සමන් කුමාර නැමැති 41හැවිරිදි අයෙක් හා කංකානම් ආරච්චිගේ සුජීව නැමැති 53 හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් මිලියන 285 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 7 ග්‍රෑම් 415 මිලිග්‍රෑම් 500 සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 17 ක් සහ යතුරු පැදියක් හා ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරයි.