ගගනගාමින් තිදෙනකුගෙන් සමන්විත ‘චෙන්ෂූ 19’ චීන අභ්‍යවකාශ යානය ඊයේ පෙරවරුවේ ගුවන්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන අභ්‍යවකාශ ඒජන්සිය විසින් පාලනය කරනු ලබන ටියැංගොං අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත ගුවන්ගත කළ ‘චෙන්ෂූ 19’ යානයේ අණදෙන නිලධාරියා ලෙස කායි ෂූසේ සහ මෙහෙයුම් නිලධාරියා ලෙස සොං ලිංඩොං සමඟ අභ්‍යවකාශය තරණය කරන පළමු චීන ඉංජිනේරුවරිය ලෙස තරුණ ගුවන් ඉංජිනේරුවරියක වන වැං හෝසි ‘චෙන්ෂු 19’ යානයෙන් ටියැංගොං අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිටත් වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
‘චෙන්ෂූ 19’ ගගනගාමීන් තිදෙනා ටියැංගොං අභ්‍යවකාශ නැවතුම්පොළේ මාස 6ක කාලසීමාවක් රැඳී සිටීමට නියමිත අතර, එහිදී විවිධ පර්යේෂණ කටයුතුවල නිරතවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.