Thursday, May 15, 2025
Home » ‘චෙන්ෂූ 19’ අභ්‍ය­ව­කාශ යානය චීන­යෙන් උඩු ගුවනට

‘චෙන්ෂූ 19’ අභ්‍ය­ව­කාශ යානය චීන­යෙන් උඩු ගුවනට

by Gayan Abeykoon
October 31, 2024 1:24 am 0 comment

ගග­න­ගා­මින් තිදෙ­න­කු­ගෙන් සම­න්විත ‘චෙන්ෂූ 19’ චීන අභ්‍ය­ව­කාශ යානය ඊයේ පෙර­ව­රුවේ ගුව­න්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන අභ්‍ය­ව­කාශ ඒජ­න්සිය විසින් පාල­නය කරනු ලබන ටියැංගොං අභ්‍ය­ව­කාශ නැව­තු­ම්පොළ වෙත ගුවන්ගත කළ ‘චෙන්ෂූ 19’ යානයේ අණ­දෙන නිල­ධා­රියා ලෙස කායි ෂූසේ සහ මෙහෙ­යුම් නිල­ධා­රියා ලෙස සොං ලිංඩොං සමඟ අභ්‍යව­කා­ශය තර­ණය කරන පළමු චීන ඉංජි­නේ­රු­ව­රිය ලෙස තරුණ ගුවන් ඉංජි­නේ­රු­ව­රි­යක වන වැං හෝසි ‘චෙන්ෂු 19’ යාන­යෙන් ටියැංගොං අභ්‍ය­ව­කාශ නැව­තු­ම්පොළ වෙත පිටත් වූ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

‘චෙන්ෂූ 19’ ගග­න­ගා­මීන් තිදෙනා ටියැංගොං අභ්‍ය­ව­කාශ නැව­තු­ම්පොළේ මාස 6ක කාල­සී­මා­වක් රැඳී සිටී­මට නිය­මිත අතර, එහිදී විවිධ පර්යේ­ෂණ කට­යු­තු­වල නිර­ත­වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT