Sunday, May 11, 2025
Home » වෙලේ සුදාට එරෙහි කුඩු වත්කම් නඩුවේ තීන්දුව දෙසැ­ම්බර් 20 දා

වෙලේ සුදාට එරෙහි කුඩු වත්කම් නඩුවේ තීන්දුව දෙසැ­ම්බර් 20 දා

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

චන්දන ජය­වීර

හෙරො­යින් ජාවා­රම් කිරී­මෙන් වසර 2ක් ඇතු­ළත රුපි­යල් කෝටි 17ක මුදල් හා දේපළ උප­යා­ගත් බවට චෝදනා කර­මින් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන වෙලේ සුදා නමැ­ත්තාට එරෙ­හිව පවරා ඇති මුදල් විශු­ද්ධි­ක­රණ නඩුවේ තීන්දුව දෙසැ­ම්බර් 20 දා ප්‍රකාශ කිරී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය දින නියම නියම කළේය. කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැ­ඳිගේ මහතා ඉදි­රියේ ඊයේ (30) විභා­ග­යට ගත් අව­ස්ථාවේ බූස්ස බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින ගම්පොළ විදා­නගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළ­කායේ දැඩි ආර­ක්ෂාව යටතේ අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදි.

වෙලේ සුදා නමැ­ත්තාට අම­ත­රව ඔහුගේ බිරිය හා සහෝ­ද­රි­යට එරෙ­හිව මුදල් විශු­ද්ධි­ක­රණ පනත යටතේ  නඩු පවරා තිබේ. ජනා­ධි­පති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (30) විත්තියේ දේශ­නය පව­ත්වන ලදී. අන­තු­රුව මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා තීන්දු­වට දින නියම කළේය.

වර්ෂ 2010 ජන­වාරි පළ­මු­වැ­නි­දාත් 2012 අප්‍රේල් 25 වැනි­දාත් අතර කාලය තුළදී කොළඹ හා අවට ප්‍රදේශ වලදී හෙරො­යින් ජාවා­රම් කිරී­මෙන් මුදල් උප­යා­ගැ­නී­මට කුම­න්ත්‍ර­ණය කළ බවට සහ ඒ අනුව එලෙස හෙරො­යින් ජාවා­රම් කර මුදල් හා දේපළ උප­යා­ගත් බවට නීති­ප­ති­ව­රයා විසින් චෝදනා 57ක් මත විත්ති­ක­රු­වන්ට එරෙ­හිව නඩු පවරා ඇත. නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­වීය‍.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT