Sunday, May 11, 2025
Home » රන් මාලය කැඩූ කොල්ල­කරු අහ­සට වෙඩි තබා අල්ලති

රන් මාලය කැඩූ කොල්ල­කරු අහ­සට වෙඩි තබා අල්ලති

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

ඌර­ග­ස්ම­න්හං­දිය - අයි. ජය­රත්න

සිය දිය­ණිය සමඟ මහ මඟ රාත්‍රියේ ගමන් ගනි­මින් සිටි 35 හැවි­රිදි  කාන්තා­ව­කගේ ගෙල බැඳි රුපි­යල් ලක්ෂ එක­හ­මා­ර­කට අධික වටි­නා­ක­මින් යුත් රන් මාල­යක් සහ පෙන්ඩ­න­යක් කොල්ල කා පලා­ය­මින් සිටි යතු­රු­පැ­දි­ක­රු­වකු මහත් පරි­ශ්‍ර­ම­ය­කින් අහ­ස­ටද වෙඩි තබා පාල­නය කර අත්අ­ඩං­ගු­වට ගත් බව  හබ­රා­දූව පොලී­සිය කියයි.

පැමි­ණි­ලි­කා­රිය පෙරේදා (29) රාත්‍රී 07.30ට පමණ ඇයගේ දිය­ණිය උප­කා­රක පන්ති­යෙන් රැගෙන ඇයගේ නිවෙ­සට පයින් යමින් සිටි­යදී යතු­රු­පැ­දි­ය­කින් පැමිණි අයකු ඔවුන් බිය ගන්වා කාන්තා­වගේ ගෙලෙහි වූ රන් මාලය කඩා පැහැ­ර­ගෙන ගොස් තිබිණි. ඇය දුන් තොර­තු­රු­ව­ලට අනුව ක්ෂණි­කව ක්‍රියා­ත්මක වූ  පොලිස් කණ්ඩා­ය­මක් ජීප් රිය­කින් හා යතු­රු­පැ­දි­ය­කින් ගොස්  මිනිත්තු 15ක් ඇතු­ළත සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, එහිදී  සැක­කරු නවතා අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පොලිස් නිල­ධා­රීන්ට අහ­සට වෙඩි තැබී­ම­ටද සිදු වී තිබිණි. අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු  අහං­ගම ප්‍රදේ­ශ­යේම පදිංචි වයස අවු­රුදු 30ක අයකු බව පොලී­සිය කියයි.

හබ­රා­දූව පොලිස් ස්ථානා­ධි­පති (ප්‍ර.පො.ප) චම්ලි ගුණ­ති­ලක, (පො.කො) 74839 ගුණ­ති­ලක, 40525 ඩිල්හාන්, 97371 ජය­සිංහ, 18471 ධනං­ජය යන නිල­ධා­රීහු මේ වැට­ලීම සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT