මැතිවරණ නීති උල්ලංඝනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙවර මහාමැතිවරණයට සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන එම පක්ෂයේ බළපිටිය ආසන ප්‍රධාන සංවිධායක නීතිඥ කමල් ජයන්ත සොයිසා මහතා ඇතුළු පිරිසක් පෙරේදා අලුයම (29) වතුගෙදර, උඩුමුල්ල ප්‍රදේශයේදී අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් නීතිඥ කමල් ජයන්ත මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පස් දෙනා පෙරේදා (29) දිනම බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔවුන් සියලුම දෙනා මුදා හැරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා නියෝග කළේය.
වැඩිදුර විභාගය එළැඹෙන මාර්තු මස තුන් වැනි දිනට කල් තබා ඇත.
කමල් ජයන්ත මහතා ගමන් කළ මෝටර් රථය බැඳුම්කර ඇපයක් මත මුදා හැර තිබුණි. කමල් ජයන්ත සොයිසා මහතාට අමතරව මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ඇම්.ඩබ්ලිව්. සෙනරත්, එහි හිටපු මන්ත්‍රී ජී. පවරසිරි ද සොයිසා, බළපිටිය ආසනයේ මාධ්‍ය ලේකම් හේමන්ත ද සිල්වා, ප්‍රාදේශීය සභා අපේක්ෂක කමල් ජයන්ත මෙන්ඩිස්, ප්‍රාදේශීය සභා අපේක්ෂක දසුන් ලසාන් යන අයවලුන්ය.