Saturday, May 10, 2025
Home » මැති­ව­රණ නීති කැඩු­වැයි ඇල්ලූ බළ­පි­ටිය සජබ ආසන සංවි­ධා­යක ඇතුළු පිරි­සට ඇප

මැති­ව­රණ නීති කැඩු­වැයි ඇල්ලූ බළ­පි­ටිය සජබ ආසන සංවි­ධා­යක ඇතුළු පිරි­සට ඇප

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

අම්බ­ල­න්ගොඩ සමූහ - ආර්.ඤාණ­දාස

මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කළැයි කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මෙවර මහා­මැ­ති­ව­ර­ණ­යට සමගි ජන බල­වේ­ග­යෙන් ගාල්ල දිස්ත්‍රි­ක්ක­යට තරග කරන එම පක්ෂයේ බළ­පි­ටිය ආසන ප්‍රධාන සංවි­ධා­යක නීතිඥ කමල් ජයන්ත සොයිසා මහතා ඇතුළු පිරි­සක් පෙරේදා අලු­යම (29) වතු­ගෙ­දර, උඩු­මුල්ල ප්‍රදේ­ශ­යේදී අම්බ­ල­න්ගොඩ පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

අත්අ­ඩං­ගු­වට ගත් නීතිඥ කමල් ජයන්ත මහතා සහ ඔහුගේ ආධා­ර­ක­රු­වන් පස් දෙනා පෙරේදා (29) දිනම බළ­පි­ටිය අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු එක් අය­කුට රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප මත ඔවුන් සිය­ලුම දෙනා මුදා හැරී­මට බළ­පි­ටිය මහේ­ස්ත්‍රාත් ආර්.ඩී. ජනක මහතා නියෝග කළේය.

වැඩි­දුර විභා­ගය එළැ­ඹෙන මාර්තු මස තුන් වැනි දිනට කල් තබා ඇත.

කමල් ජයන්ත මහතා ගමන් කළ මෝටර් රථය බැඳු­ම්කර ඇප­යක් මත මුදා හැර තිබුණි. කමල් ජයන්ත සොයිසා මහ­තාට අම­ත­රව මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ බළ­පි­ටිය ප්‍රාදේ­ශීය සභාවේ හිටපු විපක්ෂ නායක ඇම්.ඩබ්ලිව්. සෙන­රත්, එහි හිටපු මන්ත්‍රී ජී. පව­ර­සිරි ද සොයිසා, බළ­පි­ටිය ආස­නයේ මාධ්‍ය ලේකම් හේමන්ත ද සිල්වා, ප්‍රාදේ­ශීය සභා අපේ­ක්ෂක කමල් ජයන්ත මෙන්ඩිස්, ප්‍රාදේ­ශීය සභා අපේ­ක්ෂක දසුන් ලසාන් යන අය­ව­ලුන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT