Saturday, May 10, 2025
Home » එකම පවුලේ 4කට වෙඩි තැබූ අඹු­සැමි යුවළ නිදොස් කොට නිද­හස්

එකම පවුලේ 4කට වෙඩි තැබූ අඹු­සැමි යුවළ නිදොස් කොට නිද­හස්

විත්තිකරුවන්ට වන්දියක් හා රජයේ ගාස්තු ගෙවන්නත් පැමිණිල්ලට නියෝග

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර අධි­ක­රණ - උපාලි ආනන්ද

බල­පත්‍ර සහිත තුව­ක්කු­ව­කින් එකම පවුලේ සිවු දෙන­කුට වෙඩි තබා මරා දැමී­මට තැත් කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අධි චෝදනා ලැබ සිටි අඹු­සැමි යුව­ළක් එකී චෝද­නා­වෙන් නිදොස් කොට නිද­හස් කිරී­මට අනු­රා­ධ­පුර මහා­ධි­ක­රණ විනි­සුරු නලීන් ද හේවා­ව­සම් මහතා නියෝග කළේය.

මෙම සිද්ධි­යේදී පළමු චුදිත වෙඩි තබා ඇත්තේ ඔවුන්ගේ පෞද්ග­ලික ආර­ක්ෂාවේ අයි­තිය හේතු­වෙන් බවට නිග­ම­නය කළ මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා ඔවුන් නිදෙස් කොට නිද­හස් කිරී­මට නියෝග කළේය.

මෙසේ නිදොස් කොට නිද­හස් කරනු ලැබුවේ ගලෙ­න්බි­ඳු­ණුවැව, මාව­ත­වැව පදිංචි එන්. සුග­ත­දාස සහ එම්. සීතා­වතී නමැති අඹු­සැ­මි­යන්ය.

මෙම අඹු­සැමි යුව­ළට වෙන් වෙන් වශ­යෙන් රුපි­යල් විසි පන්ද­හස බැගින් වන්දි මුදල් සහ රුපි­යල් පනස් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙසට ද මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රයා මෙම නඩුවේ පැමි­ණිල්ලේ සාක්ෂි­කාර සිවු දෙන­කුට නියම කළේය. එම වන්දි මුදල නොගෙ­වන්නේ නම් වෙන් වෙන් වශ­යෙන් මාස හය බැගින් ලිහිල් සිර­ද­ඬු­ව­මක් ද අධි­ක­ර­ණ­යෙන් නියම කෙරිණ.

මෙසේ වන්දි නියම වූයේ හිටපු පොලිස් සැර­ය­න්ව­ර­යකු වන ආර්. එම්. රෝහණ ප්‍රියන්ත, ජේ. චමින්ද රෝහණ ජය­රත්න, ඩී. දිලිප් දේවේන්ද්‍ර සහ එම්. ජය­රත්න යන පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­ව­න්ටය.

2012 වසරේ පෙබ­ර­වාරි මස 4 වන දින හෝ ඊට ආසන්න දින­යක අනු­රා­ධ­පුර මහා­ධි­ක­රණ බල­ප්‍ර­දේ­ශ­යට අයත් ගලෙ­න්බි­ඳු­ණුවැව මාව­ත­වැ­වදී විත්ති­ක­රු­වන් මෙම වරද සිදු කර ඇති බවට නීති­ප­ති­ව­රයා අධි­චෝ­දනා ගොනු කර තිබුණේ ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 32 සහ 300 වන වගන්තිප්‍රකා­ර­වය. පැමි­ණිල්ලේ සාක්ෂි­ක­රු­වන් විත්ති­කාර අඹු­සැමි යුව­ළගේ නි‍ෙව­සට ප්‍රහාර එල්ල කර දේප­ළ­ව­ලට හානි කර වෑන් රථ­ය­ක­ටද ගිනි තබා විනාශ කර ඇත්තේ ප්‍රදේ­ශයේ මර­ණා­ධාර සමි­ති­යක ඇති වූ ආර­වු­ලක් පාදක කර ගෙන බවට අධි­ක­රණ නඩු විභා­ග­යේදී කියැ­විණ. මෙහිදී විත්ති­කාර පාර්ශ්වය බල­ප­ත්‍ර‍ ­ස­හිත ගිනි අවි­ය­කින් වෙඩි තබා තිබිණ. පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අධි­නී­තිඥ  මල්ෂා මඩ­වල සහ ගිම්හානි හිරු­ණිකා මෙණෙ­වි­යන් පෙනී සිටි අතර විත්ති­ක­රු­වන් වෙනු­වෙන් නීතිඥ රෝහණ ප්‍රේම­ලාල් මහතා පෙනී සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT