Home » මඩ­ව­ල­ගම කසිප්පු සාද­ය­කට ගිය පුද්ග­ල­යකු හදි­සියේ මියගිහින්

මඩ­ව­ල­ගම කසිප්පු සාද­ය­කට ගිය පුද්ග­ල­යකු හදි­සියේ මියගිහින්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

අනු­රා­ධ­පුර සංචා­රක - බී.ජී. චතු­රංග

නාච්චා­දූව මඩ­ව­ල­ගම ග්‍රාම සේවා වසමේ අතු­රු­වැල්ල ප්‍රදේ­ශයේ පැවැත්වූ නීති විරෝධී මත්පැන් සාද­ය­කදී, සැක කට­යුතු ලෙස පුද්ග­ල­යකු මිය යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් සිව් දෙනකු පෙරේදා (29දා) අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව හිදෝ­ගම පොලි­සිය පව­සයි.

මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ නාච්චා­දූව අතු­රු­වැල්ල සහ අනු­රා­ධ­පුර ගල්කු­ලම යන ප්‍රදේ­ශ­වල පදිංචි වයස අවු­රුදු 30ත් 34ත්, අතර වියේ පසු­වන පුද්ග­ල­යන් සිව් දෙනෙකි.

මෙහිදී ජීවි­ත­ක්ෂ­යට පත්ව තිබුණේ නාච්ච­දුව, අතු­රු­වැල්ල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ටිකිරි බණ්ඩාගේ විජේ­කෝන් බණ්ඩාර නමැති 68 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

නාච්චා­දූව, අතු­රු­වැල්ල ප්‍රදේ­ශ­යේදී ඉකුත් 27 වැනිදා පිරි­සක් සාද­යක් පව­ත්ව­මින් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පානය කර­මින් සිට ඇති බවත් එම සාදය සඳහා අට දෙනකු පමණ සහ­භාගි වී ඇති බවත් පොලි­සිය කියයි.

සාදය අව­සා­නයේ එම ස්ථානයේ ඉති­රිව සිට ඇත්තේ මර­ණ­ක­රුත් තවත් පුද්ග­ල­යකුත් පම­ණක් වන අතර තමන් සමඟ සිටි මිත්‍රයා සිහි­සුන්ව ඇති බව පව­ස­මින් එම පුද්ග­ලයා මාර්ගයේ ගමන් කළ යතුරු පැදි­යක ආධා­ර­යෙන් මර­ණ­කරු නාච්චා­දූව රෝහ­ලට රැගෙන ගොස් තිබූ බව පොලි­සිය කියයි.

කෙසේ වෙතත් එම පුද්ග­ලයා රෝහ­ල්ගත කරන අව­ස්ථා­වේදී මර­ණ­යට පත්ව සිටි බවට තොර­තුරු හෙළිව ඇතැයි ද පොලි­සිය සඳ­හන් කරයි.

ඒ අනුව එම සැක කට­යුතු මර­ණය සම්බ­න්ධ­යෙන් ස්ථානීය පරී­ක්ෂ­ණ­යට ගිය අනු­රා­ධ­පුර නාග­රික සහ හිදෝ­ගම හදිසි මරණ පරී­ක්ෂක ජේ. එම්. ජය­ති­ලක මහතා විසින් එම සාද­යට සම්බන්ධ පුද්ග­ල­යන් පිරි­සක් කැඳවා, සාක්ෂි සට­හන් කර ගැනී­මේදී, කසිප්පු පැක­ට්ටු­වක් වෙනු­වෙන් බහින් බස්වීමක් ඇතිවී, පහරදීමක් සිදුව ඇති බවට අනා­ව­ර­ණය වීමෙන් පසුව, පොලි­සිය ප්‍රකාශ සට­හන් කර ගෙන සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

හිසට පහර දීමෙන් මොළ­යට රුධි­රය වහ­නය වීම සහ මොට ආයු­ධ­ය­කින් පහ­ර­දීම හේතු­වෙන් බෙල්ලේ ඉහළ කොට­සට හානි සිදුවී මර­ණය සිදුව ඇති බවට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යේදී අනා­ව­ර­ණය වූ බවද පොලි­සිය සඳ­හන් කළේය.

මෙම මර­ණය ආරංචි වීමත් සමඟ මර­ණ­ක­රුගේ බිරිය හදිසි රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් රෝහ­ල්ග­ත­කර ඇති බවද පොලි­සිය සඳ­හන් කළේය.

හදිසි රෝගී තත්ත්ව­ය­කින් සිහි­සුන් වූ බව පව­ස­මින් මර­ණ­ක­රුට පහර දුන් පුද්ග­ලයා විසින්ම ඔහු රෝහ­ල්ගත කර ඇති  බවත්, මර­ණ­කරු රැගෙන යෑම සඳහා යතුරු පැදි­යක් නවතා ආධාර ඉල්ලු අව­ස්ථා­වේදී එම යතුරු පැදියේ ගමන් කර ඇත්තේ මර­ණ­ක­රුගේ ඥාති පුතකු බවත් සාක්ෂි සට­හන් කර ගැනී­මේදී අනා­ව­ර­ණය විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT