Saturday, May 10, 2025
Home » මිග් යානා ගනු­දෙ­නුව: සැක­ක­රු­වන්ට නිකුත් වූ නිල් නිවේ­දන යළි කැඳ­වන්න අධි­ක­ර­ණය බෑ කියයි

මිග් යානා ගනු­දෙ­නුව: සැක­ක­රු­වන්ට නිකුත් වූ නිල් නිවේ­දන යළි කැඳ­වන්න අධි­ක­ර­ණය බෑ කියයි

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සුභා­ෂිණී සේනා­නා­යක

ප්‍රශ්න­ගත මිග් යානා 8 මිලදී ගැනීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් ලෙස නම් කර දැනට නිල් නිවේ­දන නිකුත් කර ඇති ඩී. එස්. එලා­යන්ස් සහ බෙරි­මිසා හෝල්ඩින්ග්ස් සමා­ග­ම්වල අධ්‍ය­ක්ෂ­ව­රුන් දෙදෙ­නාට නිකුත් කර ඇති නිල් නිවේ­ද­නය ආපසු කැඳ­වන ලෙස ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා කළ ඉල්ලීම කොටුව මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලී මහ­ත්මිය ඊයේ (30) ප්‍රති­ක්ෂේප කළාය.

සැක­ක­රු­වන් දෙදෙනා විම­ර්ශන සඳහා සහාය වීමට මෙර­ටට පැමි­ණීමේ සූදා­න­මින් සිටින බව කිය­මින් ඔවුන් දෙදෙ­නාට නිකුත් කළ නිල් නිවේ­ද­නය ආපසු කැඳ­වන ලෙස කළ ඉල්ලීම සම්බ­න්ධ­යෙන් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව කළ කරුණු දැක්වී­මෙන් අන­තු­රුව මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය සිදු කළාය.

සැක­ක­රු­වන් දෙදෙ­නාට එරෙ­හිව අවශ්‍ය තරම් සාක්ෂි ඇති බවත් වසර ගණ­නා­ව­කට පෙර ආරම්භ කළ මේ විම­ර්ශ­නය සඳහා සැක­ක­රු­වන් කිසිදු සහා­යක් නොදුන් බවත් කිය­මින් නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරන ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

රුසි­යාවේ යුක්රේන මාෂ් සමා­ගම සහ ශ්‍රී ලංකා රජය නිසි ආකා­ර­යෙන් ගිවි­සු­ම­කට එළැඹ නොමැති බවත් බෙරි­මිසා හෝල්ඩිංග්ස් සමා­ගම මෙහි කට­යුතු කරන බවත් පැව­සු­වද ඔවුන් මේ සම්බ­න්ධ­යෙන් කිසිදු ගිවි­සු­ම­කට අස්සන් තබා නැතැ­යිද නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා රජය අන්‍යෝන්‍ය සහ­යෝ­ගිතා පනත යටතේ ජාත්‍ය­න්ත­රව කළ ඉල්ලීම් සහ කරුණු දැක්වීම් යටතේ මේ වන­විට කරුණු ගණ­නා­වක් අනා­ව­ර­ණය වී ඇති බව කියා සිටි නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව මේ වන­විට අධි­ක­ර­ණය මඟින් නිකුත් කරන ලද නොතිසි, සිතාසි කුරි­යර් සහ ඊමේල් හරහා සැක­රු­වන්ට යොමු කිරී­මෙන් අන­තු­රුව කිසිදු ප්‍රති­චා­ර­යක් නොලද නිසා විවෘත වරෙන්තු ලබා ගත් බවද සඳ­හන් කළේය.

අ‍ෙම­රි­කානු ඩොලර් මිලි­යන 7ට ප්‍රශ්න­ගත මිග් යානා 8 මිලදී ගෙන අ‍ෙම­රි­කානු ඩොලර් 14ක මිල­කට මිලදී ගත් බවට අඟ­ව­මින් ශ්‍රී ලංකා  රජයේ කිසිදු දැනී­මක් නොමැ­තිව ඩී. එස්. එලා­යන්ස් සමා­ගම අප­රා­ධ­මය වර­දක් කර තිබෙන බව නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට වැඩි­දු­ර­ටත් දන්වා සිටි­යේය.

අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 7ට මිලදී ගත් මිග් යානා 8ට වැඩි මුද­ලක් වන අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 14 කට මිලදී ගත් බව පවසා ඇති බවත් යුක්රේන මාෂ් සමා­ගම සමඟ ගිවි­සු­ම­කට එළැ­ඹෙන බව පවසා ඩී. එස්. එලා­යන්ස් සමා­ගම එම යානා 8 මිලදී ගෙන වංචා­වක් සිදු කර ඇතැ­යිද නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය.

යුක්රේන මාෂ් සමා­ගම සමඟ ගිවි­සු­ම­කට එළැ­ඹෙන බවට ශ්‍රී ලංකා රජ­යට දන්ව­මින් ගිවි­සුම් ගත වී ඇත්තේ ඩී එලා­යන්ස් සමා­ගම සමඟ බවත් එහි අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස කට­යුතු කරන ටී.එස්. ලී සහ එන්.ජේ. ලේක්හිම් යන දෙදෙ­නාම බෙරි­මිසා හෝල්ඩින්ග්ස් සමා­ග­මේද අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස කට­යුතු කරන බවත් නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් රජයේ අධි­නී­ති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. මේ ගනු­දෙ­නුව සම්බ­න්ධ­යෙන් යුක්රේන මාෂ් සමා­ගම සමඟ ගිවි­සුම් ගත වන්නේ බෙරි­මිසා හෝල්ඩින්ග්ස් සමා­ගම බව ප්‍රකාශ කර ඇතත් කිසිදු ගිවි­සු­ම­කට එළැඹ නැතැයි ද නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට දන්වා සිටි­යේය. “අන්‍යෝන්‍ය සහ­යෝ­ගි­තාව පිළි­බඳ පනත යටතේ 18 වතා­වක් තොර­තුරු ඉල්ලා ලබා ගත්තා. සිදු කළ විම­ර්ශ­න­ව­ලට අනුව 2018.12.12 දින අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් විවෘත වරෙන්තු ලබා ගත්තා. වසර ගණ­නා­වක් ගත වී ඇතත් විම­ර්ශන සඳහා කිසිදු සහා­යක් දී නැහැ.” එහෙ­යින් වරෙ­න්තුව ප්‍රති­ක්ෂේප කරන ලෙස නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT