Home » තරං­ගගේ වරෙ­න්තුව යළි කැඳ­වයි

තරං­ගගේ වරෙ­න්තුව යළි කැඳ­වයි

by Gayan Abeykoon
October 31, 2024 1:13 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

ක්‍රිකට් තර­ග­ය­කට සහ­භාගි වීම සඳහා විදේ­ශ­ගත වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභා­පති උපුල් තරංග වරු­ෂ­වි­තාන මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියම කර­මින් මාතලේ මහා­ධි­ක­ර­ණය මඟින් නිකුත් කරන ලද වරෙ­න්තුව ආපසු කැඳ­වී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඊයේ (30) නියෝග කළේය.

මහ­නු­වර පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී පසු­ගි­යදා පැවැති ‘ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆි’ තර­ගා­ව­ලි­යේදී තරග පාවා­දීම සඳහා බල­පෑම් සිදු කළේ යැයි චෝදනා කර­මින් ඉන්දීය ජාතික ක්‍රිකට් කළ­ම­නා­ක­රු­වකු වූ අමිත් පටෙල් හෙවත් යෝගී පටෙල්ට එරෙ­හිව ගොනු කර ඇති නඩුව මාතලේ මහා­ධි­ක­ර­ණය හමුවේ විභා­ගය සඳහා කැඳ­වන අව­ස්ථාවේ එම අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින බවට උපුල් තරංග මහතා සිය නීති­ඥ­ව­රයා මඟින් ප්‍රති­ඥා­වක් දීමෙන් අන­තු­රුව මෙම නියෝ­ගය නිකුත් කරන ලදි.

මාතලේ මහා­ධි­ක­ර­ණය මඟින් තමන්ව අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙස නියම කර­මින් නිකුත් කළ වරෙ­න්තුව බල­ර­හිත කිරීමේ නියෝ­ග­යක් ලබා දෙන ලෙස ඉල්ලා උපුල් තරංග මහතා විසින් ඉදි­රි­පත් කළ පෙත්ස­මක් කැඳවූ අව­ස්ථා­වේදී මෙම ප්‍රති­ඥාව දෙන ලදි.

මොහො­මඩ් ලෆාර් තාහීර් සහ පී. කුමා­රන් රත්නම් යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ­වනු ලැබිණි.

එහිදී අධි­ක­ර­ණය මීට පෙර කළ නියෝ­ග­ය­කට අනුව උපුල් තරංග මහතා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­යේය.

මෙම පෙත්සම කැඳවූ අව­ස්ථා­වේදී නීති­ප­ති­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් මනෝ­හර ජය­සිංහ මහතා අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්ව­මින් මෙම නඩුවේ පැමි­ණි­ලි­කරු වූ උපුල් තරංග මහතා නිසි දැනුම් දීම­කින් තොරව ඉකුත් 08 වැනිදා අධි­ක­ර­ණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිට නැති බව සඳ­හන් කළේය.

කලින් දිනයේ පෙනී සිටිය හැකි බවට අධි­ක­ර­ණයේ පොරොන්දු වී සාක්ෂි දීම සඳහා අධි­ක­ර­ණ­යට නොපැ­මි­ණීම බර­ප­තළ කරු­ණක් බව ඔහු පෙන්වා දුන්නේය.

එම­ඟින් ඔහු අධි­ක­ර­ණයේ බලය අව­මා­න­යට ලක් කර ඇති බව සඳ­හන් කළ අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා ඔහු වග­කීම් විර­හි­තව කට­යුතු කර ඇති බව සඳ­හන් කළේය.

උපුල් තරංග මහතා වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ නිෂාන් ප්‍රේම­ති­රත්න මහතා එම චෝදනා ප්‍රති­ක්ෂේප කළේය.

ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් සඳහා අමෙ­රි­කා­වට පිටත්ව යෑම නිසා සාක්ෂි දීම සඳහා ඔහුට අධි­ක­ර­ණය හමුවේ පෙනී සිටී­මට නොහැකි වූ බව නීති­ඥ­ව­රයා කීය.

ඔහු විදේ­ශ­ග­ත­වී­මට පෙර ක්‍රීඩා දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන්ට ඒ පිළි­බ­ඳව ලිඛි­තව දැනුම් දුන් බව ද එසේ තිබි­යදී අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීමේ හේතුව මත ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීම අසා­ධා­රණ බව ද නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

ක්‍රීඩා දූෂණ හෙළි කිරී­මට ඉදි­රි­පත් වන පුද්ග­ල­යන් මෙවැනි ක්‍රියා හේතු­වෙන් අධෛ­ර්ය­යට පත්වනු ඇති බවට නීති­ඥ­ව­රයා කරුණු ඉදි­රි­පත් කළේය.

මෙහිදී විනි­සුරු මොහො­මඩ් ලෆාර් මහතා පෙන්වා දුන්නේ පෙත්ස­ම්කරු මෙම නඩුවේ සාක්ෂි­ක­රු­වකු වන බවය.

මෙවැනි තත්ත්ව­ය­කදී පොතට සීමා වී තීන්දු දීම සුදුසු නොවන අතර ප්‍රායෝ­ගි­කව කල්පනා කළ යුතු බව විනි­සු­රු­ව­රයා එහිදී අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­ර­යාට පෙන්වා දුන්නේය.

”ගුව­න්තො­ටු­පො­ළේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන්න කියලා වරෙන්තු ඉල්ලන්න මොහු ත්‍රස්ත­වා­දි­යෙක් ද?” යනු­වෙන් විනි­සුරු ලෆාර් තාහීර් මහතා ප්‍රශ්න කර සිටි­යේය.

එම නඩුවේ සාක්ෂි සට­හන් කර ගැනී­මට නිය­මිත ඉදිරි දින­වල මාතලේ මහා­ධි­ක­ර­ණය හමුවේ පෙනී සිටින බවට ප්‍රති­ඥා­වක් ලබා­දෙන බව උපුල් තරංග මහතා වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේම­ති­රත්න මහතා එහිදී සඳ­හන් කළේය.

ඒ අනුව ඔහුට එරෙ­හිව නිකුත් කර තිබෙන වරෙ­න්තුව ආපසු කැඳ­වන ලෙස ඔහු අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනි­සුරු මඬුල්ල මාතලේ මහා­ධි­ක­ර­ණය මඟින් නිකුත් කළ එම වරෙ­න්තුව ආපසු කැඳ­වන ලෙස නියම කළේය.

පෙත්සම් විභා­ගය අව­සන් කිරී­මට විනි­සුරු මඬුල්ල තීර­ණය කළේය.

නීතිඥ ගමිදු කරු­ණා­සේන මහ­තාගේ උප­දෙස් මත ෂෙනාලි ඩයස් සහ විකුම් ජය­සිංහ යන නීති­ඥ­වරු සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාන් සිඩ්නි ප්‍රේම­ති­රත්න මහතා පෙත්ස­ම්කරු වෙනු­වෙන් පෙනී සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT