පාර්ලිමේන්තු මැතිවරණය ප්රකාශයට පත් කර ඇති අවස්ථාවක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. එලෙස සංග්‍රහ කටයුතුවලට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බව ඒ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසීමකදී පිළිතුරු දෙමින් එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේය.
පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ බවත් එම පැමිණිලිවලට අනුව ඇතැම් ස්ථාන වටලා අදාළ සාද නතර කිරීමට පියවර ගත් බව ද හෙතෙම පැවසීය.