28
ආතර් සී. ක්ලාක් ආයතනය මඟින් පවත්වනු ලබන 22 වන තාරකා විද්‍යා වැඩමුළුවට මේ දිනවල අයදුම්පත් භාරගැනේ. ලබන දෙසැම්බර් 7, 8 දෙදින දිවා රාත්‍රී පැවැත්වෙන මේ වැඩමුළුවේදී තාරකා විද්‍යාවේ මූලික සිද්ධාන්ත, දුරේක්ෂ හා නවීන උපකරණ භාවිතය පිළිබඳ දැනුම ලබාදීම මෙන්ම ලංකාවේ විශාලතම දුරේක්ෂය ආධාරයෙන් කරන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සිදු කෙරේ.
මේ සඳහා සීමිත පිරිසක් බඳවා ගනු ලබන අතර ලියාපදිංචි වීම සහ වැඩිදුර තොරතුරු විමසීම https://www.accimt.ac.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112650945 අංකයට සම්බන්ධවීමෙන් ලබාගත හැකිය. නොවැම්බර් 30දා අයදුම්පත් භාරගන්නා අවසන් දිනයයි.