31
කටුනායක ‘බෞද්ධ එකමුතුව’ සංවිධාන කරන වර්ෂ අවසාන බෝධි පූජාමය පින්කම සහ සුමධුර ධර්ම දේශනය ලබන මස 3 වැනි දින සවස 4.00 සිට 20 කණුව, ශ්‍රී විමලවංශාරාමයේදී පැවැත්වේ.
ධර්ම දේශනය පවත්වනු ලබන්නේ කුලියාපිටිය ගලගෙදර ඉසිපතන භාවනා මධ්‍යස්ථානාධිපති බදුල්ලේ සූර්යරතන හිමියන් විසිනි. එදින සවස 4.00ට බෝධි පූජාමය පින්කම පැවැත්වෙන අතර සවස 6.00ට සුමධුර ධර්ම දේශනය පැවැත්වේ.