Tuesday, May 6, 2025
Home » අකුණු සැර වැදී නංගී මරුට – අයියාට තුවාල

අකුණු සැර වැදී නංගී මරුට – අයියාට තුවාල

by yasara
October 31, 2024 4:19 pm 0 comment

පස්සර අඹතැන්න ප්‍රදේශයේ දි  අද (31) දහවල් සහෝදරයින් දෙදෙනෙකු හට අකුණු සැර වැදීමෙන්  එක් අයෙකු මියගොස් අනෙක් අයට බරපතල තුවාල සිදුව ඇතැයි වාර්තාවේ .

එහිදි මියගොස් ඇත්තේ 11 හැවිරිදි  ගැහැණු දරුවෙකු වන අතර  තුවාල ලබා ඇත්තේ මියගිය දැරියගේ 17 හැවිරිදි සහෝදරයා වේ.

එම ප්‍රදේශයට අද දහවල් වර්ෂාව ඇද හැලෙන අවස්ථාවේ දි මොවුන් දෙදෙනා  නව නිවසක් සැදීමට කපා තිබු ගෙපැලේ උදැල්ලක් අතැතිව සිට ඇති අතර එම අවස්ථාවේ දි ඔවුන්ගේ මව සහ පියා නිවස තුල සිට ඇත.

එක්වරම විශාල ශබ්දයකින් සිදුවු  අකුණු ගැසීමත් සමග ඇසුණු දරුවන් ගේ කෑ ගැසීමත් සමගමව සහ පියා  නිවසින් පිටතට විත් බලන විට ඔවුන් දෙදෙනා බිම වැටි සිටිනු දැක ප්‍රදේශවාසින් ගේ සහය ඇතිව පස්සර රෝහලට රැගෙන ඒමට කටයුතු කර ඇත.

එලෙස රෝහලට රැගෙන එනවිටත් දැරිය මියගොස් සිටි බවත් තරුණයා හට සිදුකල මුලික ප්‍රතිකාර වලින් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට පියවර ගත් බව රොහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මියගිය දැරියගේ මෘතදේහය පස්සර මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පස්සර පොලිසිය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT