Home » ගණිත ගුරුවරයෙක්ගෙන් ගුරු විවේ­කා­ගා­ර­යේදී සිසු­වි­යන් දෙදෙ­න­කුට ලිංගික පාඩ­මක්

ගණිත ගුරුවරයෙක්ගෙන් ගුරු විවේ­කා­ගා­ර­යේදී සිසු­වි­යන් දෙදෙ­න­කුට ලිංගික පාඩ­මක්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ ගල්පාත - චන්දන ජය­ලාල්, හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

ගණිත විෂය උග­න්වන මුවා­වෙන් වයස අවු­රුදු 14 හා 15 දැරි­යන් දෙදෙ­න­කුට ලිංගික අත­වර කළ හොරණ වග­වත්ත ප්‍රදේ­ශයේ පාස­ලක ගණිත ගුරු­ව­ර­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව හොරණ මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

කොළඹ ළමා ආර­ක්ෂණ අධි­කා­රි­යට එම ලිංගික අත­වර සම්බ­න්ධ­යෙන් ලද දුර­ක­තන පණි­වි­ඩ­යක් අනුව ලද පැමි­ණි­ල්ල­කට අදා­ළව විම­ර්ශන ආරම්භ කර වින්දිත දැරි­යන් දෙදෙ­නා­ගෙන් ප්‍රකාශ සට­හන් කර ගැනී­මෙන් අන­තු­රුව සැක­කාර ගුරු­ව­රයා පෙරේදා (29) රාත්‍රි අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.  විද්‍යා­ලයේ ගුරු විවේ­කා­ගා­ර­යේදී සැක­කාර ගුරු­ව­රයා දැරි­යන්ට ලිංගික අත­වර සිදු­කර තිබූ අතර ඒ සම්බ­න්ධ­යෙන් ඇසින් දුටු සාක්ෂි­යක්ද පොලි­සිය වෙත ඉදි­රි­පත්ව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳ­හන් කරයි. වින්දිත දැරි­යන්ගේ ප්‍රකා­ශ­යන් හා ඇසින් දුටු සාක්ෂි­ක­රු­ව­කුගේ ප්‍රකාශ අනුව ලිංගික අත­වර සිදු කළ හොරණ පොකු­ණු­විට වැලි­ග­ම්පි­ටිය ප්‍රදේ­ශයේ පදිංචි 47 හැවි­රිදි සැක­කාර විවා­හක ගුරු­ව­රයා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

සැක­කරු හොරණ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT