Sunday, May 11, 2025
Home » දීප­වාලි සාප්පු සවාරි අතරේ හැට­න් ගැට කප­න්නන්ට කල්ල­මරේ

දීප­වාලි සාප්පු සවාරි අතරේ හැට­න් ගැට කප­න්නන්ට කල්ල­මරේ

සැක අය ගැන පොලි­සි­යට කියන්න

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

හැටන් -රංජිත් රාජ­පක්ෂ

එළැ­ඹෙන දීප­වාලි උත්ස­වය නිමි­ත්තෙන් හැටන් නග­ර­යට අත්‍ය­වශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනී­මට පැමිණි පාරි­භෝ­ගි­ක­යන් රැස­කගේ මුදල් පසුම්බි සහ ස්වර්ණා­භ­රණ අතු­රු­දන්ව ඇති බවට හැටන් පොලි­සි­යට පසු­ගි­යදා (29) දින පැමි­ණිලි කිහි­ප­යක් ලැබී ඇත.

අද (31) දිනට යෙදෙන දීප­වාලි උත්ස­වය නිමි­ත්තෙන් හැටන් නග­ර­යට, පිට­තින් විශාල වශ­යෙන් වෙළෙ­ඳුන් පැමිණ නග­රයේ පදික වේදි­කාවේ අන­ව­ස­ර­යෙන් වෙළෙ­ඳාම් කට­යුතු සිදු කරන අතර, තවත් වෙළෙ­ඳුන් පිරි­සක් හැටන් – දික්ඔය නගර සභා­වෙන් නීත්‍ය­නු­කූ­ලව බිම් කොටස් වෙන් කර­ගෙන වෙළෙ­ඳාම් සිදු කරයි. මෙසේ පදික වේදි­කාවේ වෙළෙ­ඳාම් සිදු කිරීම හේතු­වෙන් දැඩි තද­බ­ද­යක් පැව­තීම නිසා එම අව­ස්ථා­වන්හි ඇතැම් පාරි­භෝ­ගි­ක­යන්ගේ මුදල් පසුම්බි ගැට කප­න්නන් විසින් සොර­කම් කරනු ලැබ ඇති බවට හැටන් පොලි­සි­යට පැමි­ණිලි ලැබෙ­මින් පව­තින බව එහි නිල­ධා­රි­යකු කියා සිටි­යේය.  හැටන් නග­ර­යට පැමි­ණෙන පාරි­භෝ­ගි­ක­යන්ගේ ආර­ක්ෂාව උදෙසා හැටන් පොලි­සිය විසින් විශේෂ ආර­ක්ෂිත වැඩ­පි­ළි­වෙ­ළක් දියත් කර නග­ර­යට පැමි­ණෙන පාරි­භෝ­ගි­ක­යන් ශබ්ද විකා­ශන යන්ත්‍ර ඔස්සේ සිංහල සහ දමිළ භාෂා­වෙන් දැනු­ම්වත් කිරී­මට ද පිය­වර ගෙන ඇත.

සැක­ට­යුතු පුද්ග­ල­යකු පිළි­බ­ඳව තොර­තු­රක් වෙතොත් නග­රයේ රාජ­කා­රියේ නිර­තව සිටින පොලිස් නිල­ධා­රියා දැනු­ම්වත් කිරී­මට කඩි­න­මින් පිය­වර ගන්නා ලෙසත්, එසේ නොමැති නම් හැටන් පොලි­සියේ 051-2222222 / 051- 2224444 යන අංක­ව­ලට දැනුම් දෙන ලෙසත් හැටන් මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රංජිත් ජය­සේන මහතා ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT