Saturday, May 10, 2025
Home » පාලන මිලට නාඩු සහල් අලෙ­විය ගැන ජන­පති මැදි­හත්ව කඩි­නම් විස­ඳුම් දෙන්න

පාලන මිලට නාඩු සහල් අලෙ­විය ගැන ජන­පති මැදි­හත්ව කඩි­නම් විස­ඳුම් දෙන්න

දඹුල්ලේ සහල් වෙළෙ­න්ද­න්ගෙන් ඉල්ලී­මක්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සිගි­රිය විශේෂ

රජයේ  පාලන මිලට නාඩු සහල් අලෙවි කිරීම සඳහා ජනා­ධි­ප­ති­ව­රයා කඩි­න­මින් මැදි­හත්ව පව­තින ගැට­ලු­වට කඩි­න­මින් විස­ඳු­මක් ලබා දිය යුතු බව දඹුල්ල ප්‍රදේ­ශයේ සහල් තොග සහ සිල්ලර වෙළෙන්දෝ පව­සති.

දැනට වෙළෙ­ඳ­පොළේ නාඩු සහ­ල්වල බර­ප­තළ හිඟ­යක් පව­තින බව ද ඔවුහු සඳ­හන් කරති. රජය, පාලන මිලට සහල් අලෙවි කරන ලෙස ව්‍යාපා­රි­ක­යන්ව දැනු­ම්වත් කර තිබුණ ද මෝල් හිමි­යන්, නාඩු  සහල් මිලදී ගැනී­මට නම් කීරී සම්බා සහල් මිලදී ගැනීම සිදු කළ යුතු බවට කොන්දේසි පනවා ඇතැයි ද වෙළෙන්දෝ කියති. නාඩු සහල් අලෙවි කිරීම ඉතා සීමි­තව සිදු වන නමුත් ඒවා පාලන මිලට විකි­ණී­මට හැකි­යා­වක් නොමැති බැවින් ඉදි­රි­යේදී නාඩු සහල් අලෙ­විය නවතා දැමී­මට සිදු­වන බව ද ඔවුහු පෙන්වා දෙති. නාඩු සහල් කිලෝ­වක් රුපි­යල් 220ක පාලන මිලට අලෙවි කිරී­මට නම් ඊට වඩා අඩු­වෙන් මෝල්ව­ලින් තොග වෙළෙ­ඳ­ස­ල්ව­ලට ලබා දිය යුතු බව ද ඔවුහු සඳ­හන් කරති.මේ සම්බ­න්ධ­යෙන් අප පාරි­භෝ­ගික ජන­තා­ව­ගෙන් කළ විම­සී­මේදී ඔවුහු කියා සිටියේ, රජය පාලන මිලට අලෙවි කරන ලෙස වෙළෙඳ ප්‍ර‍ජාව දැනු­ම්වත් කළද පාලන මිලට සහල් නොමැති බවයි. එමෙන්ම, ඇතැම් වෙළෙ­ඳ­සල් හිමි­යන් නාඩු සහල් සඟ­වා­ගෙන බිලක් ලබා නොදී හිත­ව­ත්ක­ම්ව­ලට පම­ණක් ඒවා අලෙවි කරන බව ද ඔවුහු පෙන්වා දෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT