Saturday, May 10, 2025
Home » මැති­ව­රණ නීති කඩ කර­මින් පෝස්ටර් ඇල වූ දෙදෙ­නකු කොටු

මැති­ව­රණ නීති කඩ කර­මින් පෝස්ටර් ඇල වූ දෙදෙ­නකු කොටු

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්රදීප් කුමාර

මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් පෝස්ටර් ඇල වූ දෙදෙ­නකු පෝස්ටර් එක් දහස් දෙසි­ය­යක්, ත්‍රිරෝද රථ­යක් සමඟ අත්අ­ඩං­ගු­වට ගත්බව හෝමා­ගම පොලි­සිය පව­සයි . මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ වත්තල, මාබෝල, වැලි­ක­ඩ­මුල්ල ප්‍රදේ­ශයේ පදිංචි (29, 31) වයසේ පසු­වන දෙදෙ­නකු බව පොලි­සිය කියයි.

හෝමා­ගම පොලි­සියේ නිල­ධාරී කණ්ඩා­ය­මක් ඊයේ (30) අලු­යම ජංගම මුර සංචා­රයේ යෙදී සිටි­යදී හෝමා­ගම නගර මධ්‍යයේ ත්‍රිරෝද රථ­ය­කින් පැමිණි පුද්ග­ල­යින් දෙදෙ­නෙකු පෝස්ටර් අල­ව­මින් සිටිනු දැක තිබේ. ඒ අනුව ක්ෂණි­කව ක්‍රියා­ත්මක වූ පොලිස් නිල­ධා­රීන් එම පුද්ග­ල­යින් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ත්‍රිරෝද රථය පරීක්ෂා කිරී­මේදී සමගි ජන බල­වේ­ගය පක්ෂ­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්ක­යට ඉදි­රි­පත් වන අපේ­ක්ෂ­ක­යෙ­කුගේ රුව සහ නම සහිත පෝස්ටර් 1200 හමු වූ අතර පාප්ප බාල්දි­යක් පින්ස­ලක් ද එහි තිබී පොලි­සිය භාර­යට ගෙන තිබේ.

පසුව සැක­ක­රු­වන් පැමිණි ත්‍රිරෝද රථ­යද අත්අ­ඩං­ගු­වට ගත් අතර ඔවුන් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­මින් පෝස්ටර් ඇල­වීමේ චෝද­නාව යටතේ ඊයේ (30) හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබිණි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මූල­ස්ථාන පොලිස් පරී­ක්ෂක ප්‍රණීත් මාන­වඩු මහ­තාගේ උප­දෙස් මත ඉදිරි පරී­ක්ෂණ පව­ත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT