මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇල වූ දෙදෙනකු පෝස්ටර් එක් දහස් දෙසියයක්, ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත්බව හෝමාගම පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල, මාබෝල, වැලිකඩමුල්ල ප්‍රදේශයේ පදිංචි (29, 31) වයසේ පසුවන දෙදෙනකු බව පොලිසිය කියයි.
හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (30) අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී හෝමාගම නගර මධ්‍යයේ ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පෝස්ටර් අලවමින් සිටිනු දැක තිබේ. ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේදී සමගි ජන බලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ රුව සහ නම සහිත පෝස්ටර් 1200 හමු වූ අතර පාප්ප බාල්දියක් පින්සලක් ද එහි තිබී පොලිසිය භාරයට ගෙන තිබේ.
පසුව සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගත් අතර ඔවුන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවීමේ චෝදනාව යටතේ ඊයේ (30) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පවත්වති.