Saturday, May 10, 2025
Home » රබ­ර්ව­ලට නිසි මිලක් හා පුහුණු ශ්‍රමි­ක­යන් නෑ රබර් වගා­ක­රු­වන්ගේ ගැටලු දිගට ඇදෙයි

රබ­ර්ව­ලට නිසි මිලක් හා පුහුණු ශ්‍රමි­ක­යන් නෑ රබර් වගා­ක­රු­වන්ගේ ගැටලු දිගට ඇදෙයි

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

මහර සමූහ - ගණිදු රෝචන සම­ර­තුංග

රබර් සඳහා ස්ථාවර මිලක් නොමැ­ති­ක­මත් රබර් වගා කට­යු­තු­ව­ලට අවශ්‍ය පුහුණු ශ්‍රමි­ක­යන් නොමැ­ති­වී­මත් නිසා ගම්පහ දිස්ත්‍රි­ක්කයේ රබර් වගා­ක­රුවෝ විවිධ කර­ද­ර­ව­ලට මුහු­ණපා සිටිති.

රබර් කිරි කැපීමේ කට­යුතු සිදු කිරී­මේදී කය වෙහෙසා වැඩ කිරී­මට සිදු වන නිසාත් රබර් කිරි කැපීමේ නිරත පුහුණු ශ්‍රමි­ක­යන් පිළි­බ­ඳව සමා­ජයේ ඇති විවිධ ආකල්ප නිසා තරුණ පර­පුර මෙම කට­යුතු සඳහා යොමු නොවී­මට හේතුවී ඇති බව කර්මා­න්ත­ක­රුවෝ පව­සති. මීට අම­ත­රව රබර් ආශ්‍රිත විවිධ නිෂ්පා­ද­නය අඩු මිලට මෙර­ටට ආන­ය­නය කිරීම නිසා රබර් මිල පහත වැටී ඇති බවත් රබර් වගා­ක­රුවෝ පෙන්වා දෙති.

මුල් කාලයේ රබර් කිරි කැපීම පිළි­බ­ඳව පුහුණු පාඨ­මාලා තිබු­ණත් මේ වන විට එම පාඨ­මාලා නොමැති නිසා තරුණ පර­පු­රට අවශ්‍ය පුහු­ණුව ලබා ගැනී­මේදී ඔවුන් විවිධ කර­ද­ර­ව­ලට මුහු­ණපා සිටිති. මේ වන විට ගම්පහ දිස්ත්‍රි­ක්කයේ වැලි­වේ­රිය, වතු­රු­ගම, මීරි­ගම, කිරි­ඳි­වැල, ඌරා­පොළ, අත්ත­න­ගල්ල සහ දොම්පේ යන ප්‍රදේ­ශ­වල වැඩි වශ­යෙන් රබර් වගා කිරීමේ කට­යුතු සිදු කර තිබෙ­නවා.

වැලි­වේ­රිය, ඇඹ­ර­ළුව දකුණ, ටික්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි බුද්ධික වික්‍ර­ම­ආ­රච්චි මහතා මෙසේ පැවැ­සීය. මෙම ප්‍රදේ­ශයේ රබර් කිරි මඟින් රබර් ෂීට් සහ මෙට්ට නිප­ද­වීම වසර 35ක පමණ කාල­යක සිට සිදු කර­නවා. රබර් ආශ්‍රිත නිෂ්පා­දන අඩු මිලට මෙර­ටට ආන­ය­නය කිරීම නිසා රබර් ආශ්‍රිත දේශීය නිෂ්පා­දන අලෙවී කිරී­මේදී කර්මාන්ත කරු­වන් විවිධ කර­ද­ර­ව­ලට මුහු­ණපා සිටි­නවා. රබර් කිරි කැපී­මට අවශ්‍ය පුහුණු ශ්‍රමි­ක­යන් සොයා ගැනී­මේදී අපි විවිධ ගැට­ලු­ව­ලට මුහු­ණ­පා­නවා. තරුණ පර­පුර කය වෙහෙසා මෙවැනි කර්මා­න්ත­වල නිරත වීමට උන­න්දු­වක් නොදැ­ක්වීම මෙයට හේතු වෙනවා යැයි ඔහු පැවැ­සීය.

විශාල රබර් ඉඩම් කැබලි කර විකි­ණීම නිසා රබර් කිරි කැපීමේ නිරත ශ්‍රමි­ක­යන්ට සිය කර්මාන්ත කට­යුතු නිසි පරිදි සිදු කර ගැනී­මට නොහැකි වී තිබෙන බවත් වැලි­වේ­රිය, අඹ­ර­ළුව දකුණ, ටික්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි එස්. සජිත් දිෂාන් කුමාර මහතා කියා සිටි­යේය. රජය මැදි­හත්ව හෝ රබර් කර්මා­න්තයේ නිරත ශ්‍රමි­ක­යන්ට අවශ්‍ය සහන සලසා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටි­නවා.a

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT