Saturday, May 10, 2025
Home » අහු­න්ග­ල්ලේදී තිදරු පියෙක් දුම්රි­යට බිලි

අහු­න්ග­ල්ලේදී තිදරු පියෙක් දුම්රි­යට බිලි

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

ඌර­ග­ස්ම­න්හං­දිය - අයි. ජය­රත්න

මර­දානේ සිට හික්ක­ඩුව දක්වා පසු­ගිය 28 වැනිදා රාත්‍රියේ ධාව­නය වූ දුම්රි­යක අහු­න්ගල්ල, ගල්බොක්ක ප්‍රදේ­ශ­යේදී ගැටුණු පුද්ග­ල­යකු බර­ප­තළ තුවාල ලබා මිය­ගොස් ඇතැයි අහු­න්ගල්ල පොලි­සිය පව­සයි.

මෙසේ මිය­ගොස් ඇත්තේ කොස්ගොඩ, හෑගල්ලේ පදිං­චිව සිටි රණ­සිංහ රංජිත් නමැති 60 හැවි­රිදි තිදරු පියෙකි. ඔහු දුම්රිය මාර්ගය මතදී මෙම අන­තු­රට මුහු­ණපා ඇතැයි පොලි­සිය පව­සයි.  මෙම මර­ණය පිළි­බඳ හදිසි මරණ පරී­ක්ෂ­ණය පෙරේදා (29) බල­පි­ටිය රෝහ­ලේදී පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි. අහු­න්ගල්ල පොලි­සිය මේ අන­තුර සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT