දලුගම, නාගහවත්ත පාර ප්‍රදේශයේ නිවෙසක කාමරයක නවාතැන්ගෙන සිටි අයකුගේ කාමරයේ තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් සොරකම් කරන ලද එම නිවෙස හිමි කාන්තාවගේ බෑනා කිරිබත්ගොඩ පොලිසිය මඟින් ඉකුත් ඉරිදා අත්අඩංගුවට ගෙන ඇත. මොහු මත්කුඩුවලට ඇබ්බැහිවී සිටින පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2620ක් ද පොලිස් භාරයට ගැනිණි.
මොහු විසින් සොරකම් කරන ලද එම ගෑස් සිලින්ඩර් දෙක කිරිබත්ගොඩ නගරයේ උකස් භාණ්ඩ මිලදී ගන්නා ආයතනයකට රුපියල් පන්දහසකට උකස් කර තිබී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් මොහු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු වේ.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝභණ නන්දසිරි, පොලිස් සැරයන් සිසිර (2725), පොලිස් කොස්තාපල්වරුන් වන ලක්මාල් (82436), සුගන්ද (20689), නන්දසිරි (93652), පත්මසිරි (79778) හා කාන්තා පොලිස් කොස්තාපල් නිලුකා (8412) යන නිලධාරීහු විසින් අත්අඩංගුවට ගත් මොහු එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රත්නායක මහතා (90071) විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යයි.