කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවකු ලෙස කටයුතු කළ නිමාලි පෙරේරා මෙණෙවිය පිළිගැනීමේ උත්සවයක් පසුගියදා කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේදී පැවැත්විණි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහ තරගයක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය කාන්තාව වන නිමාලි පෙරේරා කළුතර ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන අතර, ප්‍රධාන ක්‍රීඩා නායිකාව ලෙස ද කටයුතු කර තිබේ.
පසුගියදා පැවති උත්සවයේදී විදුහල්පතිනි ජෙෂිකා කුලතුංග පැවිදි සොයුරිය විසින් ඇය පිළිගෙන කැඳවාගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන ගියාය. විදුහලේ ආචාර්ය මණ්ඩලය, වත්මන් සිසුවියන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවෝ මේ අවස්ථාවට එක්වූහ.
ඡායාරූප – කළුතර මධ්‍යම සමූහ