47
සපුගස්කන්ද යුනයිටඩ් ක්රීඩා සමාජය 3 වැනි වරටත් සංවිධාන කරනු ලබන පී.ඩී. සිරිසේන අනුස්මරණ පාපන්දු තරගාවලිය නොවැම්බර් මස 3 වැනිදා දෙල්ගොඩ මහජන ක්රීඩාංගණයේදී පැවැත්වේ. මෙරට පාපන්දු ක්රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම ක්රීඩකයා ලෙස සැලකෙන පී.ඩී.සිරිසේන මහතා අනුස්මරණය කරමින් වාර්ෂිකව පැවැත්වෙන මේ තරගාවලියට කණ්ඩායම් 6ක් තරග වදින අතර, ප්රධාන තරගාවලියට සමගාමීව අවුරුදු 14න් පහළ තරගාවලියක් ද පැවැත්වෙන අතර, ඊට කණ්ඩායම් 4ක් තරග වැදීමට නියමිතය.