Home » සිම්බා­බ්වේදී වසර 28කට පසු බොක්සිං දිනයේ ටෙස්ට් තර­ග­යක්

සිම්බා­බ්වේදී වසර 28කට පසු බොක්සිං දිනයේ ටෙස්ට් තර­ග­යක්

by Gayan Abeykoon
October 31, 2024 1:00 am 0 comment

සිම්බා­බ්වේ­හිදී වසර 28කට පසුව බොක්සිං දිනයේ ටෙස්ට් තර­ග­යක් පැවැ­ත්වී­මට සැල­සුම් කර තිබේ. එළ­ඹෙන ඇෆ්ග­නි­ස්තාන ක්‍රිකට් කණ්ඩා­යමේ සිම්බාබ්වේ සංචා­ර­යේදි මේ තර­ගය පැවැ­ත්වෙන අතර, තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය ලබන වසරේ ජන­වාරි 2 දා පැවැ­ත්වීම ද විශේ­ෂ­ත්ව­යක් වී තිබේ.

එය සිම්බා­බ්වේදී නව වස­රක උදා­වත් සමඟ (ජන­වාරි මුල) පැවැ­ත්වෙන පළමු ටෙස්ට් තර­ග­යයි. මේ ටෙස්ට් තර­ගා­ව­ලිය බුල­වා­යෝ­හිදී පැවැ­ත්වී­මට නිය­මි­තය.

සිම්බාබ්වේ අව­සන් වරට බොක්සිං දින ටෙස්ට් තර­ග­ය­කට සත්කා­ර­ක­ත්වය ලබාදී ඇත්තේ 1996 වස­රේදී එංග­ල­න්තය කණ්ඩා­ය­ම­ටය. ඉන් පසු ඔවුන් 2000 සහ 2017දී බොක්සිං දින තරග ක්‍රීඩා කර ඇතත් ඒ සිය රටෙන් පිට­ත­දීය.

මීට අම­ත­රව දකුණු අප්‍රි­කාව සහ පාකි­ස්තා­නය අතර තරග දෙක­කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලිය සෙන්චූ­රි­ය­න්හි­දීත්, ඉන්දි­යාව සහ ඔස්ට්‍රේ­ලි­යාව අතර තරග 5කින් සම­න්විත ටෙස්ට් තර­ගා­ව­ලියේ 4 වැනි තර­ගය මෙල්බ­ර්න්හි­දීත් බොක්සිං දිනයේ ආරම්භ වීමට නිය­මි­තය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT