118
රාජ්ය සේවා මලල ක්රීඩා උලෙළේදී රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කළ එන්.එම්. රසික දුෂාන්ත සමත් විය.
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවති තරගාවලියේදී අවුරුදු 31-40 කාණ්ඩය නියෝජනය කළ රසික මීටර් 100 ඉසව්ව තත්පර 11.40කින් සහ මීටර් 200 ඉසව්ව තත්පර 23.7කින් නිමා කරමින් රන් පදක්කම් දිනා ගත්තේය.