Home » IMF වෙතින් පාකිස්තානය ඩොලර් බිලියනයක හදිසි ණයක් ඉල්ලයි

IMF වෙතින් පාකිස්තානය ඩොලර් බිලියනයක හදිසි ණයක් ඉල්ලයි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

පාකිස්තානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස එරට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක හදිසි ණයක් අපේක්ෂා කරන බව පාකිස්තාන මුදල් ඇමැති මොහොමඩ් අවුරන්ග්සාබ් රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. මේ ණය පහසුකම පිළිබඳ අවධානය යොමු කරන ලෙස වොෂින්ටනයේ පැවැති සාකච්ඡාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් කළ බව ද පාකිස්තාන මුදල් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 200-250 අතර ණය මුදලක් සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව සමඟ සාකච්ඡා කර ඇතැයි ද පාකිස්තාන මුදල් ඇමැතිවරයා සඳහන් කර තිබේ.

මේ වනවිට ප්‍රමාදයකට ලක්වී ඇති පාකිස්තානයේ ජාතික ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමේ වැඩකටයුතු සහ ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවරා දීමේ කටයුතු නොවැම්බර් මාසයේදී අවසන් කිරීමට ද රජයේ අවධානය යොමුවී ඇතැයි පාකිස්තාන මුදල් ඇමැතිවරයා සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT