Home » මුහුද වෙරළේදී ගලකින් ගසා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ්

මුහුද වෙරළේදී ගලකින් ගසා පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා රිමාන්ඩ්

by mahesh
November 1, 2024 1:00 am 0 comment

කළුතර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

කළුතර දියලගොඩ මුහුදු වෙරළේදී ඉකුත් 29 වැනිදා රාත්‍රියේ තම පෙම්වතියට ගලකින් පහරදී ඝාතනය කළ බව කියන පෙම්වතා ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් පායෝ මහතා ඊයේ(31) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ මග්ගොන පදිංචිකරුවකු වන කුලහින්නගේ දිනිදු ජනිත් (අවු:18) නමැත්තාය.පයාගල,පහළගොඩ පදිංචි දැරණියගලගේ තරුෂි සෙව්මිනි පීරිස් (අවු:19) යන අය මේ සිද්ධියෙන් මිය ගොස් තිබුණි.තුවාල ලබා සිටි තරුණිය සැකකාර පෙම්වතා හා ඔහුගේ මිතුරකු 1990 ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන ගොස් තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මිය ගොස් තිබූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

කළුතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානය හා මළසිරුර පරීක්ෂා කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෙද්‍ය නිලධාරියාට නියම කර තිබූ බව ද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පයාගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර,අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගේ උප පොලිස් පරීක්ෂක ඔස්මන් සහ කොස්තාපල් (77729) ප්‍රියදර්ශන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT