Saturday, May 3, 2025
Home » සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල අගමැතිනියට පලඳවයි

සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල අගමැතිනියට පලඳවයි

by mahesh
November 1, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධාන කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුම වෙනුවෙන් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණවිය වෙත පොපි මල පැලඳ වීම සේවා මුක්ත භට සංගමයේ උප ලේකම් මන්ත්‍රී කොස්වත්ත මහත්මිය විසින් පෙරේදා (30) පෙරවරුවේ අගමැති කාර්යාලයේදී සිදු කෙරිණි.

පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ්‍රාමික හා ආබාධිත හමුදා නිලධාරීන්ගේ සුබසාධනයට වෙන් කෙරේ. පළමු වන හා දෙවන ලෝක යුද්ධයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පැවති අභ්‍යන්තර යුද ගැටුම්වලදී මියගිය හමුදා සාමාජිකයන් අනුස්මරණය කරමින් පොපි සැමරුම සිදු කරන අතර, ශ්‍රී ලංකාවේ ද මේ මස 11දිනට ආසන්න ඉරු දිනක මේ සැමරුම පවත්වයි.

විශ්‍රාමික හා ආබාධිත හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් පොපි මලක් පලඳින ලෙස මෙහිදී ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති කර්නල් අජිත් සියඹලාපිටිය, උප සභාපති මේජර් ජනරාල් මහින්ද මුදලිගේ, භාණ්ඩාගාරික මේජර් චිල්ටන් ද සිල්වා, ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජික මේජර් සංජිත් විජේරත්න, පොපි කමිටු සාමාජික අමිතා රෝහණ යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT