Home » SDD Polymer 20 වැනි සංවත්සරය සමරයි

SDD Polymer 20 වැනි සංවත්සරය සමරයි

by damith
November 2, 2024 1:15 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය බෙදාහරින්නකු සහ සැපයුම්කරුවකු වන SDD Polymer පෞද්ගලික සමාගම පසුගියදා සිය 20 වැනිසංවත්සරය සැමරීය. එහි නිර්මාතෘන් වන ජෙයසීලන් මහතා සහ එම මහත්මිය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වය ඇතිව ඉතා උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පසුගියදා සංවත්සරය සමරනු ලැබීය.

2004 වසරේදී ආරම්භ කරන ලද SDD Polymer සමාගම කුඩා සමාගමක සිට පොලිමර් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු දක්වා පැමිණි ගමන නව්‍යකරණය, සාර්ථක ව්‍යවසායකත්වය, සහයෝගිතාව වැනි සාධක ගණනාවක් මත පදනම් වූ ගමනක් වශයෙන් හැඳින්විය හැකිය. පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන අංශයේ ප්‍රවීණයෙක් වන SDD Polymer පෞද්ගලික සමාගම Polypropylene (PP), High-density Polyethylene (HDPE), Low-density Polyethylene (LDPE), Linear Low-density Polyethylene (LLDPE), Polystyrene (PS), Masterbatches, Additives, Fillers, Compounds වැනි නිෂ්පාදන සපයමින් ප්ලාස්ටික් නිෂ්පාදන අංශ ගණනාවක් ආවරණය කරයි.

SDD Polymer සමාගමේ 20 වැනි සංවත්සර උත්සවය සමාගමේ සාර්ථකත්වය සැමරුමට පමණක් සීමා නොවී සිය හවුල්කරුවන්, ගනුදෙනුකරුවන් මෙන්ම සේවක මණ්ඩලය ද ඇගයීමට ලක් කළ අවස්ථාවක් වීම විශේෂත්වයකි. එහිදී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන Premium Packaging Solutions Pvt Ltd ආයතනයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් විජේසිංහ, Polypack Secco Ltd ආයතනයේ වාණිජ කළමනාකරු වන ඇලෙක්ස් සෝමරත්න යන මහත්වරුන් SDD Polymer පෞද්ගලික සමාගමේ සාර්ථකත්වය සහ ක්ෂේත්‍රයේ ප්‍රගමනය පිළිබඳව අදහස් දැක්වූ අතර සමාගමේ මාර්ගගත හවුල්කරුවන් වන ඉන්දියාවේ Supreme Petrochem Ltd සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ආර්. රෙන්ගරාජන් මහතා, Plastiblends India Ltd සමාගමේ උප සභාපති/කළමනාකාර අධ්‍යක්ෂකවරුන් කබ්‍රා මහතා සහ SDD Polymer උපදේශක (ෆින්ලේස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ) රොමේෂ් මොරායස් යන මහත්වරුන් SDD Polymer සමාගමේ නව්‍යකරණ හැකියාවන් සහ තිරසාරත්වය, විශිෂ්ටත්වය කෙරෙහි ඇති කැපවීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඊට අමතරව සමාගමේ නිර්මාතෘ ජෙයසීලන් මහතාගේ සහෝදර ගුණසීලන් මහතා සමාගමේ දැක්ම සහ වටිනාකම් සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT