Home » නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු වෙළඳපොළට හඳුන්වා දෙයි

නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු වෙළඳපොළට හඳුන්වා දෙයි

by damith
November 2, 2024 1:14 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා නවෝත්පාදනයෙන් පරිපූර්ණ රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි Diva සන්නාමය විසින්, නවතම Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු ප්‍රභේදය වෙ‍ෙළඳපොළට හඳුන්වා දෙයි. රෙදි සේදීමේ දී පාරිභෝගිකයා වැඩි වශයෙන්ම මුහුණ දෙන ගැටලුවලින් එකක් වන රෙදිවල ඇති අප්‍රසන්න දුර්ගන්ධයන්ට එරෙහිව සටන් කරන ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් මෙම නව ප්‍රභේදය සමන්විත වේ.

සාමාන්‍ය රෙදි සේදුම් කුඩුවලින් බෙහෙවින් වෙනස් වන Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු, පියවර දෙකක ක්‍රියාවලියකින් යුත් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් සමන්විතයි. එහි දී ප්‍රථම පියවර ලෙස දහඩිය, ආහාර, පාරිසරික තත්ත්වයන් නිසා ඇති වන දුර්ගන්ධයන් හා රෙදි සේදූ පසු ඇඳුම්වල පවතින අප්‍රසන්න දුර්ගන්ධයන් ඉවත් කරන අතර, දෙවන පියවර ලෙස, දිගු කාලයක් පුරා පවතින ප්‍රබෝධමත් ගාර්ඩීනියා සහ රෝස සුගන්ධයන් ඇඳුම්වලට කාවද්දයි. මේ නිසා දුර්ගන්ධයන් ඉවත් කිරීමට වැඩිපුර වාර ගණනක් රෙදි සේදීමේ ගැටලුව සඳහා ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සේදුම් කුඩු විසඳුම් සපයයි.

මෙහි ඇති සුවිශේෂී ගාර්ඩීනියා සහ රෝස මල් සුවඳ සම්මිශ්‍රණය, පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇත. ලාංකේය ජනතාවට වඩාත් හුරුපුරුදු සුවඳක් පිරිනමන ගාර්ඩීනියා, පාරිභෝගිකයන්ගේ ජීවන රටාව ප්‍රබෝධමත් කරන්නේ ඔවුන් හා වඩාත් සමීප වෙමිනි. Diva විසින් ඇඩ්වාන්ස්ඩ් පර්ෆියුම් තාක්ෂණයෙන් යුත් නව Diva Fresh ගාර්ඩීනියා සහ රෝස රෙදි සෝදන කුඩු ප්‍රභේදය හඳුන්වා දීම ඔස්සේ, රෙදි සේදීම සඳහා විවිධත්වයෙන් යුත් නිෂ්පාදන නිපදවීම සඳහා නවෝත්පාදන ක්‍රමවේද භාවිත කිරීමේ සන්නාමය සතු ආචාරධර්ම Diva විසින් අනුගමනය කරන බව තවදුරටත් තහවුරු කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි අලෙවි සාමාන්‍යාධිකාරී, ඩෙරික් ඇන්තනි මහතා, ‘Diva සන්නාමය පාරිභෝගිකයන්ව හොඳින් හඳුනා ගනිමින්, ඔවුන්ට වඩාත් ගැළපෙන සන්නාමයක් ලෙස, ඇඳුම්වල පවතින විවිධ දුර්ගන්ධයන් ඉවත් කිරීම පාරිභෝගිකයාට පවතින විශාල ගැටලුවක් බව අපි හඳුනා ගත්තා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT