Home » කපුටෝ ගෙනත් දැම්මෝ

කපුටෝ ගෙනත් දැම්මෝ

by damith
November 2, 2024 1:00 am 0 comment

මේ ජාතියේ හෝඩි පොත් පෙරළා රටක් මුළා කළ හැක්කේ යැයි සිතන්නේ නම් ඒ සඳහා වෙනම දඬු­ව­මක් නියම කළ යුතු යැයි යෝජනා කර­මින්, ලොහාන් රත්වත්තේ මාතෘ­කාව සඳහා මේ තීරුව ප්‍රවේ­ශය ලබා ගන්නේය.

“ජීව­ත්වෙලා හිටිය ඇති, විශාල මාන­සික පීඩ­න­ය­කින් ඉන්නේ, මෙ‍ෙහම ජීව­ත්වෙලා වැඩක් නැහැ” යැයි ලිපි­යක් ලියා තබා, ලොහාන්ගේ පෞද්ග­ලික ලේකම් සංජීව බස්නා­යක, හිසට වෙඩි තබා­ගත්තේ ගිය මාසයේ විසි වෙනි­දාය. ඒ ආප­ත්තිය ගැන වැඩි­දුර කථ­න­යක් මෙතැ­නදී අවශ්‍ය නැත. ඔය ආකා­ර­යට තමන්ගේ ළඟම ගැව­සුණු පුද්ග­ල­යෙක් අන්ත­රා­ව­කට ලක්වූ කල්හි අප නම් තිගැස්සී යන්නේය. ඔහු අප සමඟ ගෙවූ කාලය සිහි­පත් වන්නේය. ඔහු අපට කළ උද­ව් ප­දව් ආදී සියල්ල මත­ක­යට එන්නේය. මේ මර­ණ­යත් සමඟ එම පවුලේ අයට දැනෙන වේද­නාව මත­ක­යට නැඟෙ­න්නේය. ඔහුගේ යැපෙ­න්නන්ගේ අනා­ග­තය සඳහා අපට කළ හැක්කේ කුම­ක්දැයි වග­කී­මක් ලෙස උර­ම­තට පැට­වෙ­න්නේය.

මේ කිසි­වක් නොමැ­තිව ඒ මළ මිනිය, තමන්ගේ නඩු හබ සඳහා කර ගැස්ස­වී­මට යමෙක් වෙත සිත් පහළ වන්නේ නම් පළ­මු­කොට ඒ ම්ලේච්ඡ­ත්වය සඳහා අප විරුද්ධ විය යුත්තේය.

ලියා­ප­දිංචි නොකළ, අංක තහඩු නොමැති මෝටර් රථ­යක්, මිරි­හාන ප්‍රදේ­ශයේ නි‍ෙව­සක ගාල්කර තිබි­යදී පොලි­සිය සොයා ගන්නේ පසු­ගිය විසි­හ­ය­වෙ­නි­දාය. වාහ­නය පරික්ෂා කරන අතරේ එම නි‍ෙවස කාගේද යන්න පොලි­සිය සොයා බලන්නේ මේ අයථා සිද්ධියේ මුල, මැද, අග පිළි­බ­ඳව වූ පරී­ක්ෂ­ණය සඳ­හාය. නි‍ෙවස අයත් වූයේ ලොහාන් රත්ව­ත්තේගේ භාර්යා­ව­ටය.

අන්රෙ­ජි­ස්ටර් වාහන පැද­වීම යනු සහ­මු­ලින්ම දූෂ­ණ­යකි. එය මාර්ග නීති උල්ලං­ඝ­නය කිරී­මකි. වාහ­න­යක් ලියා­ප­දිංචි නොකර තබා එම වර්ෂය සඳහා වූ ආදා­යම බද්ද නොගෙවා වුවද පාරේ රැගෙන යා නොහැ­කිය. අනෙක් අතට වාහන අන්රෙ­ජි­ස්ටර් සෙල්ලම් යන්න තම බල­පු­ළු­ව­න්කා­ර­කමේ සංකේ­ත­යකි. වැයි­ක්කි­යට සිටිනා චණ්ඩින් සේ දේශ­පා­ලන බල­යෙන් ඉහ මොළ ඔද්දල් වූ එකා සිතන්නේ නීතිය යනු තමන්ට අනු­කූල ක්‍රියා­දා­ම­යක් බවය. වාහන ලියා­ප­දිං­චිය වැනි දේ තමන්ට නොව, රටේ සාමාන්‍ය පුර­වැ­සියා වෙත පම­ණක් අයත් කට­යු­ත්තක් බව ඒ ගණයේ පිරි­සගේ කල්ප­නා­වය. එහෙ­යින් මෙවැනි බල­පු­ළු­ව­න්කාර පිරිස, වාහන ලියා­ප­දිං­චිය නොක­ර­න්නේය. වාහන ආන­යන බද්ද බොහෝ ඉහළ බැවින්, බඩ් වාහන පද­ව­න්නේය. මහ පාරේ ඉන්න රාල­හාමි කෙ‍ෙනක් ඔය ජාතියේ වාහ­න­යක් මේ සම්ම­ජ්ජා­තියේ නතර කරන්නේ නැත. වාහන මොඩ­ල­යෙන්ම ඒවා අත නොතැ­බිය යුතු භාණ්ඩ බව රාල­හාමි දන්නේය. ත්‍රිරෝද රථ­යක්, බයි­සි­ක­ල­යක්, මරුටි බට්ටෙක් වෙත දඩ කොළ­යක් ලියා දැමීම ඊට වඩා බෙහෙ­වින් පහ­සුය.

යම් හිතු­ව­ක්කාර ගති සහිත පොලිස් නිල­ධා­රි­යෙක් අන්රෙ­ජිස්ටර් වාහ­න­යක් නවතා ඒ සඳහා නීතිය ක්‍රියා­ත්මක කිරී­මට උත්සාහ කළේ නම්, පැති දහය පහ­ළො­ව­කින් ඔහුට තර්ජ­නය කර ඇම­තුම් එන්නේය. වැඩි­දුර වැඩේ ගිය­හොත් වාහ­න­යෙන් ආ එකා­ගෙන් ගුටි කෑමට තරම් තත්ත්වය දරුණු වන්නේය. මේ නිසා සැලි­යුට් එකක් ද ගසා ‘පන්දුව මඟ­හැර සිටී­මට’ රාල­හා­මිලා කැමැ­තිය.

වැයි­ක්කියේ චණ්ඩියා සේ බලය ඇති සමයේ මේ ආකා­ර­යට හැසි­රී­මට අව­සර ලබා දෙන්නේ නම් මේ රටේ සියලු පාලන ව්‍යුහ පැත්ත­කට දමා, යුද්ධ කර අදාළ ප්‍රදේශහි ප්‍රාන්ත රාජ්‍ය පිහි­ටුවා ගත යුතුය. මේ වනාහි නියෝ­ජිත ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යක් සහිත ජන­ර­ජ­යකි. එහෙම සෙල්ලම් දමන අය වෙත් නම් දුටු­වන නීතිය ඔවු­නට ක්‍රියා­ත්මක කළ යුත්තේ හෙයින්, ලොහාන්ගේ භාර්යා­වට අයත් නි‍ෙවසේ තිබූ වාහ­නය පිළි­බඳ පරී­ක්ෂණ සඳහා ඔහු ඊයේ අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සිය ක්‍රියා කළේය.

මේ ආකා­රයේ වාහ­න­යක් පරි­හ­ර­ණය පිළි­බ­ඳව උත්තර නැත්තේ හෙයින් කල්තියා සූදා­නම් කර ගත් කට­උ­ත්ත­ර­යක් ලොහාන් පාර්ශ්වය ගොතන බවට සියල්ලෝ සැක පහළ කර­ගෙන සිටි­යහ. ඒ පරි­දිම හිසට වෙඩි තබා ගත් සිය පුද්ග­ලික ලේකම් මේ වාහ­නය රැගෙන ආවේ යැයි ලොහාන් පාර්ශ්වයේ කට­උ­ත්ත­රයේ සඳ­හන්ය. මේ වනාහි ඔය ජාතියේ නරි නාවන කාල­යක් නොවේ. ‘රෝස කැලෙන් ඇහින්දෝ, කපුටෝ ගෙනත් දැම්මෝ…’ ආදි­යෙන් මේ හොර­කම් වසා ගත නොහැ­ක්කේය. මිය­ගිය ලේක­ම්ව­ර­යාගේ මිනිය තබා­ගෙන බූරු ක්‍රීඩාවේ නිරත වී, තෝන් බෝත­ල­යට වැටෙන කීයක් හෝ සාක්කුවේ දමා­ගැ­නීම, මිට වඩා නම්බු­කා­රය. මේ කරනු ලබන්නේ තමන් සමඟ කාල­යක් එකට සිටි මිනිසා, අභාග්‍ය සම්පන්න ලෙස මළ පසු, ඔහුගේ ඇගේ මේ හොර­කම ගසා දැමී­මය. ඒ ආකා­ර­යට මිය­ගිය ලේකම් වාහ­න­යක් ගෙනත් දමන්නේ වෙනත් ගෙයක නොවේ. තමන්ගේ ගෙද­ර­කය. ඒ ලබා­දුන් අණ නිසා මිස, ඒ මිනි­හාගේ හොර බඩු ලොක්කාගේ ගෙදර සඟවා තැබීම පිණිස නොවේය.

ඒ ආකා­ර­යට සියල්ල මැරුණු මිනි­හෙක්ගේ ඈඟේ ගසා, නීතිය නැවීම පිණිස ලොහාන්ලා ක්‍රියා කරයි නම්, වාහන සිද්ධි­යට අම­ත­රව, මේ ජාතියේ හෑලි ප්‍රකා­ශන සිදු කිරීමේ වර­දට ද නීතිය ක්‍රියා­ත්මක කළ යුත්තේය.

ඔය මොඩ­ල­යෙන් හොර­කම් දූෂණ සඳහා වංගු ගසන ලද කාලය ඉකුත් වී ඇති බව ලොහාන් නම් හය හතර නොදන්නා පොඩ්ඩා වෙත හැකි අයෙක් කියා දිය යුතුය. රටේ දේශ­පා­ලන බලය හිමි­ක­ර­ගෙන එක් පිරි­සක්, වර­ප්‍ර­සාද මත්තේ නැහෙ­න්නේය. තව පිරි­සක් අතට අහු­වෙන හැම දෙය­කින්ම කොමිස් ගසා­ගෙන කන්නේය. ඥති හිත­මි­ත්‍රා­දීන් සඳහා තන­තුරු වර­දාන ආදිය පිරි­න­ම­මින් සිය රැහේ එවුන්ට සැල­කීම සඳහා මේ රටේ ජනතා ඡන්දය යොද­ව­න්නේය. ඒ මදි­වාට පාරේ වාහ­නය පවා දුවන්නේ වංචා­වෙන්ය.

අපායේ ඉන්ට­ර්වල් නිමා­වට පත්ව ඇත්තේ බැවින් දඬු­කඳේ බලා යෑමට සූදා­නම් වන ලෙස මේ ජාතියේ සියල්ලෝ වෙත දන්වා සිටී­මට කැම­තිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT