390
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේදී සිදුකළ වැටලීමකදී ඩුබායි සිට මෙරටට රැගෙන ආ එනසාල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව එනසාල් කිලෝ 76යි ග්‍රෑම් 300ක් සහ ජංගම දුරකථන 08ක්ද තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48 ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මේ පිළිබඳ ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.