Home » “පාස­ලට සම­ථ­ක­ර­ණය” බස්නා­හිර පළාතේ දෙදින ගුරු පුහුණු වැඩ­ස­ට­හ­නින්….

“පාස­ලට සම­ථ­ක­ර­ණය” බස්නා­හිර පළාතේ දෙදින ගුරු පුහුණු වැඩ­ස­ට­හ­නින්….

දිස්ත්‍රික්ක 25 ආව­ර­ණය කර­මින් පාසල් දෙසී­ය­ක්

by damith
November 2, 2024 1:02 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

සම­ථ­ක­රණ සංක­ල්පය පාසල් පද්ධ­ති­යට ප්‍රවේශ කිරීම අර­මුණු කර ගනි­මින් ක්‍රියා­ත්මක කෙරෙන Òපාස­ලට සම­ථ­ක­ර­ණයÓ වැඩ­ස­ට­හනේ සමා­ර­ම්භක උත්ස­වය නිමි­ත්තෙන් පැවැත්වූ බස්නා­හිර පළාත් දෙදින ගුරු පුහුණු වැඩ­ස­ට­හන පසු­ගිය 29 සහ 30 නීති කෙටු­ම්පත් සම්පා­දක දෙපා­ර්ත­මේ­න්තුවේ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

2005 වර්ෂ­යේදී බ්‍රිතාන්‍ය කවු­න්සි­ලයේ මූල්‍යා­ධාර මත නියමු ව්‍යාපෘ­ති­යක් ලෙස පාසල් තිහක සමථ ඒකක ස්ථාපිත කිරී­මෙන් ආරම්භ වූ පාසල් සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලිය 2018-2019 වර්ෂ­වල ජනා­ධි­පති කාර්යා­ලයේ විශේෂ ව්‍යාපෘති අංශය මඟින් ක්‍රියා­වට නංවන ලද Òදරු­වන් සුර­කිමුÓ ජාතික වැඩ­ස­ට­හන යටතේ මූල්‍යා­ධාර මත සමස්ත දිව­යිනේ දිස්ත්‍රික්ක 25 ආව­ර­ණය වන පරිදි පාසල් දෙසී­යක සමථ ඒකක ස්ථාපිත කිරීම අදි­යර දෙක­කදී සිදු විය.

පාසල් සම­ථ­ක­ර­ණය නවමු මාන­ය­කට යොමු කර­මින් 2024 වර්ෂයේ Òපාස­ලට සම­ථ­ක­ර­ණයÓ SEDR ව්‍යාපෘ­තියේ මූල්‍යා­ධාර මත ක්‍රියා­වට නැංවී­මට අපේ­ක්ෂි­තය. මෙහි ආර­ම්භක අදි­යර ලෙස දිව­යින පුරා පළාත් හා දිස්ත්‍රික් මට්ට­මින් තෝරා­ගත් පාසල් 58ක ගුරු­භ­ව­තුන් දැනු­වත් කිරීමේ වැඩ­මුළු 15ක් ක්‍රියා­වට නැංවේ.

එහි දෙවන අදි­යර ලෙස සමස්ත රටම ආව­ර­ණය වන පරිදි තෝරා­ගත් පාසල් 58ක සමථ ඒකක ස්ථාපිත කිරී­මට අපේ­ක්ෂිත අතර එම­ඟින් පාසල් ළම­යින් 1700කට අධික සංඛ්‍යා­වක් පුහුණු කිරී­මට අපේ­ක්ෂි­තය. ඒ අනුව උතුරු, නැඟෙ­න­හිර, ඌව පළාත් හා කොළඹ දිස්ත්‍රි­ක්කය ආව­ර­ණය වන පරිදි පාසල් 40ක හා සෙසු දිස්ත්‍රි­ක්ක­ය­න්ගෙන් එක් පාස­ලක් බැගින් පාසල් 18ක පාසල් සමථ ඒකක ස්ථාපිත කිරීම අර­මුණු කෙරේ.

මෙය යුරෝපා සංග­මයේ දාය­ක­ත්වය මත ක්‍රියා­ත්මක SEDR ව්‍යාපෘ­තියේ මූල්‍යා­ධාර මත බ්‍රිතාන්‍ය කවු­න්සි­ලය හා අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ සමථ මණ්ඩල කොමි­ෂන් සභාව එක්ව ක්‍රියා­වට නැංවේ. ගුරු­ව­රුන් පුහුණු කිරීමේ වැඩ­ස­ට­හන් මාලා­වෙන් පසුව පාසල් සම­ථ­ක­රණ ඒකක සඳහා තෝරා ගන්නා සිසුන් පුහුණු කිරීම සිදු වන අතර, ගැටුම් නිරා­ක­රණ කුස­ල­තා­වෙන් යුතු සිසුන් නිර්මා­ණය කිරීම පුහුණු වැඩ­ස­ට­හන් පැවැ­ත්වී­මෙන් අපේක්ෂා කරන බව සමථ මණ්ඩල කොමි­ෂන් සභාව පව­සයි.

මේ වැඩ­ස­ට­හන් මාලාවේ බස්නා­හිර පළාත් සමා­ර­ම්භක අව­ස්ථා­වට අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (ප්‍රති­සං­ස්ක­රණ) ක්‍රිශාන්ති මීග­හ­පොල , බ්‍රිතාන්‍ය කවු­න්සි­ලයේ ශ්‍රී ලංකා නියෝ­ජිත Orlando Edwards, SEDR ව්‍යාපෘ­තියේ කණ්ඩා­යම් නායක Jacques Carstens, බස්නා­හිර පළාත් අති­රේක අධ්‍යා­පන අධ්‍යක්ෂ නයනී පෙරේරා, සමථ මණ්ඩල කොමි­ෂන් සභාවේ ලේකම් තිළිණි රත්න­සූ­රිය මහත්ම මහ­ත්මීහු සහ­භාගි වූහ. කළු­තර ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සමථ වැඩ­ස­ට­හන් නිල­ධාරි ප්‍රියන්ත ලිය­නගේ මහතා සහ මතු­ගම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ සුනේත්‍රා ස්වර්ණ­ශීලි මහ­ත්මිය මේ වැඩ­මු­ළුවේ සම්පත් දාය­කයෝ වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT