ගුවන් විදුලි සංස්ථාවේ විශ්‍රාමික නි: අධ්‍යක්ෂ ජනරාල් හිල්ටන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබූ හිල්ටන් පෙරේරා මහතා වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ පත්තර මහගෙදර ලේක්හවුස් ආයතනයෙනි.හිල්ටන් පෙරේරා මහතා 1963 වසරේ එවකට පැවති රේඩියෝ සිලෝන්හි ප්‍රවෘත්ති සහකාර සංස්කාරක (ඉංග්‍රීසි) තනතුරට පත්විය. පසුව කාර්යභාර සංස්කාරක තනතුරට උසස් වූ පෙරේරා මහතා පසුව අධ්‍යක්ෂ තනතුරට ද පත්විණි.
ඔහු ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වන රුහුණු සේවය – රජරට සේවය – මහනුවර සේවය යන ප්‍රාදේශීය සේවා තුනේම අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළේය.මහනුවර සේවය ආරම්භ කිරීමේ පුරෝගාමියා වූ හිල්ටන් පෙරේරා මහතා එහි ප්‍රථම අධ්යක්ෂවරයා ලෙසට ද පත් විය. පසුව ඔහු ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරට ද පත් වූ අතර ඊට පසු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවෘත්ති හා ප්‍රාදේශීය සේවා තනතුරට ද පත්විය. ඔහු ඊට අමතරව මහවැලි ප්‍රජා ගුවන්විදුලියේ සම්බන්ධීකාරක තනතුරට ද පත්විණි.
හිල්ටන් පෙරේරා මහතාගේ දේහය අංක 15, ගලහපාර,පේරාදෙණිය ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද(02) සවස මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.