Saturday, May 3, 2025
Home » මේ ජරා­ජීර්ණ දේශ­පා­ල­නය පිරි­සුදු කර­න්නම ඕනෑ

මේ ජරා­ජීර්ණ දේශ­පා­ල­නය පිරි­සුදු කර­න්නම ඕනෑ

ජාතික ජන බල­වේ­ගයේ කළු­තර අපේ­ක්ෂක සමිත් ජයගේ

by damith
November 2, 2024 1:03 am 0 comment

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ

අද මේ චෞර කඳ­වු­රම සලිත කර තිබෙ­නවා.එසේ මෙසේ අය නෙමෙයි, දේශ­පා­ලන යෝධයෝ 59ක් දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම යවා තිබෙ­නවා යැයි ජාතික ජන බල­වේ­ග­යෙන් කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කරන සමිත් ජයගේ මහතා පැව­සීය. ඒ මහතා මෙසේ පැව­සුවේ බණ්ඩා­ර­ගම වල්ගම ප්‍රදේ­ශයේ ජන­හ­මු­වක් අම­ත­මිනි. ඊළඟ කතිරේ ඊට වඩා ප්‍රබල එකක්. නෂ්ටා­ව­ශේෂ තව ටිකක් තිබෙ­නවා. ඒ ටිකත් අරින්න ඕනෑ.මේ ජරා­ජීර්ණ දේශ­පා­ල­නය පිරි­සුදු කරන්න ඕනෑ. වර­දාන වර­ප්‍ර­සාද පෞද්ග­ලික අභි­ම­තා­ර්ථ­ව­ලින් තොර දේශ­පා­ල­න­යක් කරන්න ඕනෑ.

මේ මෙහෙ­යුම ලබන 14 වැනිදා ක්‍රියා­ත්මක කර­නවා. කළු­තර දිස්ත්‍රි­ක්කය සුද්ධම කරලා දානවා. අපි ආසන අටක් ගන්නවා. ඒක අපි කැට තියලා කිය­නවා.ට්‍රයි කර­නවා දහ­යක් ගන්න.

ජනා­ධි­පති ලෝකේ කුඩාම කැබි­නට් එකක් හදලා. දව­සින් දවස අපට අහන්න ලැබෙන්නේ යහ­පත් දේවල්. ඒ ගොල්ලන්ව වෙනස් කර තිබෙන්නේ මිනි­ස්සු­මයි.

හැබැයි ජන­තාව එහෙ­මයි කියා පැත්ත­කට කර­නවා ද නැහැ. හැම මොහො­ත­කම මේ පක්ෂ, මජර දේශ­පා­ල­නය අත්හැ­රලා එන හැම ජන­තා­වම අපි ආද­ර­යෙන් තුරුලු කර­ග­න්නවා.

ඒකට අපට රටක් ඕනෑ. වෛරය, ක්‍රෝධය, පීඩාව වපු­රන්නේ නැති,එකි­නෙ­කාට හැබෑ ලෙසම ප්‍රේම කරන තෙත­ම­නය සහිත මිනි­හෙක් නිර්මා­ණය කරන සමා­ජ­යක් අපට ඕනෑ. අපට හීන­යක් තිබෙ­නවා රටක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනෑ කියලා. ඒ හීන හැබෑ කරන්න පුළු­වන් ඔබේ වටිනා කති­රය ලබන14 වැනි­දාට මාලි­මා­වෙන් පාර්ලි­මේ­න්තුව පිරෙ­ව්වොත් විත­රයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT