අද මේ චෞර කඳවුරම සලිත කර තිබෙනවා.එසේ මෙසේ අය නෙමෙයි, දේශපාලන යෝධයෝ 59ක් දේශපාලනයෙන් විශ්‍රාම යවා තිබෙනවා යැයි ජාතික ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කරන සමිත් ජයගේ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ ජනහමුවක් අමතමිනි. ඊළඟ කතිරේ ඊට වඩා ප්‍රබල එකක්. නෂ්ටාවශේෂ තව ටිකක් තිබෙනවා. ඒ ටිකත් අරින්න ඕනෑ.මේ ජරාජීර්ණ දේශපාලනය පිරිසුදු කරන්න ඕනෑ. වරදාන වරප්‍රසාද පෞද්ගලික අභිමතාර්ථවලින් තොර දේශපාලනයක් කරන්න ඕනෑ.
මේ මෙහෙයුම ලබන 14 වැනිදා ක්‍රියාත්මක කරනවා. කළුතර දිස්ත්‍රික්කය සුද්ධම කරලා දානවා. අපි ආසන අටක් ගන්නවා. ඒක අපි කැට තියලා කියනවා.ට්‍රයි කරනවා දහයක් ගන්න.
ජනාධිපති ලෝකේ කුඩාම කැබිනට් එකක් හදලා. දවසින් දවස අපට අහන්න ලැබෙන්නේ යහපත් දේවල්. ඒ ගොල්ලන්ව වෙනස් කර තිබෙන්නේ මිනිස්සුමයි.
හැබැයි ජනතාව එහෙමයි කියා පැත්තකට කරනවා ද නැහැ. හැම මොහොතකම මේ පක්ෂ, මජර දේශපාලනය අත්හැරලා එන හැම ජනතාවම අපි ආදරයෙන් තුරුලු කරගන්නවා.
ඒකට අපට රටක් ඕනෑ. වෛරය, ක්‍රෝධය, පීඩාව වපුරන්නේ නැති,එකිනෙකාට හැබෑ ලෙසම ප්‍රේම කරන තෙතමනය සහිත මිනිහෙක් නිර්මාණය කරන සමාජයක් අපට ඕනෑ. අපට හීනයක් තිබෙනවා රටක් නම් මෙන්න මෙහෙම වෙන්න ඕනෑ කියලා. ඒ හීන හැබෑ කරන්න පුළුවන් ඔබේ වටිනා කතිරය ලබන14 වැනිදාට මාලිමාවෙන් පාර්ලිමේන්තුව පිරෙව්වොත් විතරයි.