ජනපතිවරණය අවසන් වූ සැණින්ම මහමැතිවරණයක් කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේදී බොහෝදෙනා ඡන්දය දිය යුත්තේ කාටද යන්න බොහෝ විට කල් වේලා ඇතිවම තීරණය කර තිබුණා. එහෙත් මහමැතිවරණය ඊට හාත්පසින්ම වෙනස් වූවක්. මාත් ගෑස් සිලින්ඩරයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන්නා. මාවත් මැතිසබයට යවන්න කියලා ඉල්ලා සිටින බව හිටපු පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහතා ප්‍රකාශ කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ගුණසිරි ජයනාත් මහතා මේ ප්‍රකාශය කළේ දෙල්ගොඩ නගරයේ පසුගියදා (30) පැවැති පිළිගැනීමේ විශේෂ උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් ගුණසිරි ජයනාත් මහතා මෙසේද කීය.
ගිය ජනාධිපතිවරණයෙන් දුන් පණිවිඩය එයම විය යුතුයි. මහමැතිවරණයේදී මේ කරුණු වඩාත් ප්‍රබලයි. කෙටියෙන්ම කීවොත් මීළඟ පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ මහජන මුදල් විනාශ නොකරන පිරිසකුයි. එසේම අත්දැකීම් ඇති පරිණත බව හා ජනතාව සමඟ සමීප සබඳතා ඇති දන්නා හඳුනන අයෙකු වීමත් අවැසිම බව ද ගුණසිරි ජයනාත් මහතා පැවසීය.