Saturday, May 3, 2025
Home » අලුත් පැතුම් එක්ක නව ගම­නක් යන්න ඕජස් ගලන පරණ පක්ෂ අත­හ­රිමු

අලුත් පැතුම් එක්ක නව ගම­නක් යන්න ඕජස් ගලන පරණ පක්ෂ අත­හ­රිමු

එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ මීරි­ගම ආසන සංවි­ධා­යිකා නීතිඥ එම්.ආර්.අනාර්

by damith
November 2, 2024 1:03 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ - එම්. පුෂ්ප­කු­මාර

ගමේ ජන­තාව, කාන්තාව අද අස­රණ වෙලා. ළමයි වගේම කාන්තා­වත් තමන්ගේ ප්‍රශ්න කියන්න බැරුව ඉන්නවා. ඒ සිය­ලු­දෙනා වෙනු­වෙන් හඬක් වෙන්න තමා මෙවර මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ බව එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ පක්ෂයේ ගම්ප­හින් පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වී සිටින මීරි­ගම ආසන සංවි­ධා­යිකා නීතිඥ එම්.ආර්. අනාර් මහ­ත්මිය සඳ­හන් කළාය. ඇය මේ බව ප්‍රකාශ කළේ පස්යාල හන්දියේ පැවති ජන හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අනාර් මහ­ත්මිය මෙසේ ද කීවාය.

කලක සිට මම දේශ­පා­ල­න­යට එන්න අද­හස් කළත් මට දේශ­පා­ල­නය කරන්න හොඳ පක්ෂ­යක් පිළි­බඳ ගැට­ලු­වක් තිබුණා. ඒ අතර තමයි එක්සත් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හඬ නිර්මා­ණය වෙන බවට මට ආරං­චිය ලැබුණේ. ඒ ආරං­චිය මත මා තීර­ණය කළා අයු­ක්තිය අසා­ධා­ර­ණය වෙනු­වෙන් හඬක් නඟන්න එක් වුණොත් ලංකාවේ අපට ජන­තාව වෙනු­වෙන් සේව­යක් කරන්න පුළු­වන් වෙයි කියලා. අපි සියලු දෙනා අලුත් සිතුම් පැතුම් සමඟ නව ගම­නක් යන්න ඕජස් ගලන පරණ පක්ෂ සියල්ල අත්අ­රිමු.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT