Home » ප්‍රබල පක්ෂ කුණු කූඩ­යට දමා මැති­ස­බය අලුත් අය­ගෙන් පුර­වන්න ජන­තාව සූදා­නම්

ප්‍රබල පක්ෂ කුණු කූඩ­යට දමා මැති­ස­බය අලුත් අය­ගෙන් පුර­වන්න ජන­තාව සූදා­නම්

දෙවැනි පර­පුර දේශ­පා­ලන ව්‍යාපා­රයේ නායක උවිඳු විජේ­වීර

by damith
November 2, 2024 1:03 am 0 comment

අමිල ප්‍රභාත් වන­සිංහ - අනු­රා­ධ­පුර අති­රේක

මේ රටේ ප්‍රබල පක්ෂ කුණු කූඩ­යට දම­මින් මහ­මැ­ති­ව­ර­ණ­යේදී නව කණ්ඩා­ය­මක් පාර්ලි­මේ­න්තු­වට තෝරා පත් කිරී­මට ජන­තාව දැඩි කැමැ­ත්තෙන් සිටින බව දෙවැනි පර­පුර දේශ­පා­ලන ව්‍යාපා­රයේ නායක උවිඳු විජේ­වීර මහතා සඳ­හන් කළේය.

උවිඳු විජේ­වීර මහතා පුස­ගි­යදා (31) අනු­රා­ධ­පු­ර­යේදී මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මේ බව පැව­සීය. එහිදී තව­දු­ර­ටත් විජේ­වීර මහතා මෙසේ ද පැව­සීය. ජන­තාව ප්‍රති­ක්ෂේප කර ඇති මොහො­තක ඇතැම් දේශ­පා­ල­න­ඥ­යන්ගේ දරු­වන් සහ හෙන්ච­යි­යන් දේශ­පා­ල­න­යට ගෙන ඒමට ජන­තාව නැවත වරක් රව­ට­මින් කට­යුතු කරන ආකා­රය දක්නට ලැබෙ­නවා. මහ­මැ­ති­ව­ර­ණ­යෙන් මොන කණ්ඩා­යම බල­යට ආවත් වංචා දූෂ­ණ­යෙන් තොර පාර්ලි­මේ­න්තු­වක් වෙනු­වෙන් මඟ පෙන්වන විප­ක්ෂ­යක භූමි­කාව වීමට දෙවැනි පර­පුර ව්‍යාපා­රය කට­යුතු කරන බවත් ප්‍රති­පත්ති වශ­යෙන් එක­ඟතා පළ කරන සෑම මොහො­ත­කම ආණ්ඩුව සමඟ එකට කට­යුතු කරන බව ද උවිදු විජේ­වීර මහතා පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT