නොරොච්චෝල පොලිස් බලප්‍රදේශයට අයත් නාවක්කාඩුව ප්‍රදේශයේ පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයට, අවිධිමත් ලෙස කසළ බැහැර කරමින් සිටි පුද්ගලයෙකු, ඔහු කසළ ප්‍රවාහනය කළ ජීප් රිය ද සමඟින් ඊයේ (01) නොරොච්චෝල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම පුද්ගලයා ආලංකුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සිය එළවළු කඩයෙන් සහ නිවෙසින් බැහැර කරන අපද්‍රව්‍ය එකතු වූ පසු මහමඟට බැහැර කිරීම පුරුද්දක් වශයෙන් සිදු කරන බැව් ඔහු පවසයි.
අප මේ පිළිබඳව කල්පිටිය ප්‍රදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක මහතාගෙන් විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රමවත්ව කසල බැහැර කිරීමට කසල පරිශ්‍ර ඉදිකර තිබියදී බොහෝදෙනා හිතුමතේ මහමඟ දෙපසට කසළ බැහැර කරන බවයි. මේ නිසා කල්පිටියේ සුන්දරත්වයට හානි සිදුවනවා මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් ද පැන නැඟී ඇතී බවයි.