Home » මහමඟට අවි­ධි­මත් ලෙස කසළ බැහැර කළ අයෙක් කොටු

මහමඟට අවි­ධි­මත් ලෙස කසළ බැහැර කළ අයෙක් කොටු

by damith
November 2, 2024 1:15 am 0 comment

කල්පි­ටිය සමූහ කුමාරී පද්ම­ලතා

නොරො­ච්චෝල පොලිස් බල­ප්‍ර­දේ­ශ­යට අයත් නාව­ක්කා­ඩුව ප්‍රදේ­ශයේ පාල­විය කල්පි­ටිය ප්‍රධාන මාර්ග­යට, අවි­ධි­මත් ලෙස කසළ බැහැර කර­මින් සිටි පුද්ග­ල­යෙකු, ඔහු කසළ ප්‍රවා­හ­නය කළ ජීප් රිය ද සම­ඟින් ඊයේ (01) නොරො­ච්චෝල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව මෙම අත්අ­ඩං­ගු­වට ගැනීම සිදු කර ඇත. මෙම පුද්ග­ලයා ආලං­කු­ඩාව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු වන අතර සිය එළ­වළු කඩ­යෙන් සහ නිවෙ­සින් බැහැර කරන අප­ද්‍රව්‍ය එකතු වූ පසු මහ­ම­ඟට බැහැර කිරීම පුරු­ද්දක් වශ­යෙන් සිදු කරන බැව් ඔහු පව­සයි.

අප මේ පිළි­බ­ඳව කල්පි­ටිය ප්‍රදේ­ශීය සභාවේ ලේකම් මංගල රාම­නා­යක මහ­තා­ගෙන් විම­සී­මේදී ඒ මහතා ප්‍රකාශ කළේ, ප්‍රාදේ­ශීය සභාව මඟින් ක්‍රම­වත්ව කසල බැහැර කිරී­මට කසල පරිශ්‍ර ඉදි­කර තිබි­යදී බොහෝ­දෙනා හිතු­මතේ මහ­මඟ දෙප­සට කසළ බැහැර කරන බවයි. මේ නිසා කල්පි­ටියේ සුන්ද­ර­ත්ව­යට හානි සිදු­ව­නවා මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් ද පැන නැඟී ඇතී බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT