50
දැනට සති කීපයකට පමණ ඉහතදී පැවති තද සුළං හා වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගිනිගත්හේන ප්රාදේශීය විදුලි ඉංජිනේරු බලප්රදේශයට අයත් පහළ කළවැල්දෙණිය දුෂ්කර ගම්මානයට විදුලි සපයන විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් අධාරක කණු බුරුල් වී ඇද වී තිබෙන බැවින් එම විදුලි රැහැන් අනතුරුදායක තත්ත්වයක පවතින බව එම ගම්වාසීහු පවසති.
එම අනතුරුදායක විදුලි රැහැන් ගෙවතුවල කෙසෙල් ගස් මත පවා රැඳී තිබෙන අතර, එමඟින් කිසියම් පුද්ගලයෙකුට අනතුරක් සිදු වන්නට පෙර එම විදුලි රැහැන් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා මෙන් එම දුෂ්කර ගම්වාසීහු අදාළ විදුලි බලධාරින්ගෙන් ඉල්ලීමක් කරති.