Home » යතු­රු­පැදි දෙකක් ත්‍රීවී­ල­ර­යක ගැටී තිදෙ­නෙක් රෝහලේ

යතු­රු­පැදි දෙකක් ත්‍රීවී­ල­ර­යක ගැටී තිදෙ­නෙක් රෝහලේ

by damith
November 2, 2024 1:13 am 0 comment

ගල්පාත - චන්දන ජය­ලාල්

මිල්ල­නිය මානාන මාර්ගයේ යතු­රු­පැදි දෙකක් සහ ත්‍රිරෝද රථ­යක් එකට ගැටී පුද්ග­ල­යන් තිදෙ‍ෙ­නකු තුවාල වී ඇති බව මිල්ල­නිය පොලි­සිය පව­සයි. මානාන දෙස සිට FZ වර්ගයේ යතු­රු­පැ­දි­යක නැඟී තරු­ණ­යන් තිදෙ­නෙකු පැමිණ ඇති අතර මිල්ල­නිය දෙස සිට පැමිණි යතු­රු­පැ­දියේ ගැටී පිටු­ප­සින් පැමිණි ත්‍රීවීල් රථයේ ද වැදී මෙම අන­තුර සිදුවී ඇතැයි පරී­ක්‍ෂ­ණ­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත. අන­තු­රෙන් තුවාල ලැබූ තුවා­ල­ක­රු­වන් හොරණ මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇත. තනිව යතු­රු­පැ­දි­යෙන් පැමිණි පුද්ග­ල­යාගේ පාදය ස්ථාන තුන­කින් කැඩී තිබී ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පව­සයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT