Saturday, May 3, 2025
Home » ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති සහ බල­පි­ටිය සිද්ධාර්ථ අව­සන් පූර්ව වට­යට
15න් පහළ ක්‍රිකට්

ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති සහ බල­පි­ටිය සිද්ධාර්ථ අව­සන් පූර්ව වට­යට

by damith
November 2, 2024 1:14 am 0 comment

ඉෂානි යද්දෙහි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංග­මය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නයේ අනු­ග්‍ර­හය ඇතිව සංවි­ධාන කරන අවු­රුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලැබී­මට ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විදු­හල සහ බල­පි­ටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විදු­හල සමත් විය.

වීර­කැ­ටිය මණ්ඩා­ඩුව ක්‍රීඩාං­ග­ණයේ පැවති අර්ධ අව­සන් පූර්ව තර­ගය ජය පැර­දු­මෙන් තොරව අව­සන් වූ අතර, මෙම තර­ගයේ ප්‍රසාද ලකුණු අනුව ඉදි­රි­යෙන් පසුවූ ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යා­ලය අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලැබීය.

බල­පි­ටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලය සහ කටු­කෙන්ද ශ්‍රී සංඝ­බෝධි විද්‍යා­ලය අතර පාන­දුර ලයි­සි­යම් ජාත්‍ය­න්තර පාසල් ක්‍රීඩාං­ග­ණයේ පැවති අර්ධ අව­සන් පූර්ව තර­ග­යට වර්ෂා­වෙන් බාධා­වීම හේතු­වෙන් එකදු පන්දු­වක් හෝ ක්‍රීඩා නොකොට අත්හැර දැමී­මට සිදු­විය. තර­ගා­වලි කොන්දේසි අනුව පෙර තරග වටය දක්වා කණ්ඩා­යම් දෙක අත­රින් වැඩිම ප්‍රසාද ලකුණු සාමා­න්‍යය හිමි­ක­ර­ගත්

බල­පි­ටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යා­ලය අව­සන් පූර්ව වට­යට සුදු­සු­කම් ලැබීය.

ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විද්‍යා­ල­යට ප්‍රසාද ලකුණු අනුව ජයක්

ඇඹි­ලි­පි­ටිය ජනා­ධි­පති විදු­හල් පළමු ඉනිම – 136 (ඕවර 47.4) දුලාන් මල්මිත 59, ප්‍රමීෂ ප්‍රේම­රත්න 23 (දිනාත් චේතුල 26/2, දුල්නිත නෙත්මදු 30/2)

ඌරු­බොක්ක ජාතික පාසල – 38/6 (ඕඔර 31.1) (ප්‍රමීෂ ප්‍රේම­රත්න 4/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT