ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 15න් පහළ අන්තර් පාසල් තෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඇඹිලිපිටිය ජනාධිපති විදුහල සහ බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විදුහල සමත් විය.
වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර, මෙම තරගයේ ප්‍රසාද ලකුණු අනුව ඉදිරියෙන් පසුවූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය සහ කටුකෙන්ද ශ්‍රී සංඝබෝධි විද්‍යාලය අතර පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයට වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකොට අත්හැර දැමීමට සිදුවිය. තරගාවලි කොන්දේසි අනුව පෙර තරග වටය දක්වා කණ්ඩායම් දෙක අතරින් වැඩිම ප්‍රසාද ලකුණු සාමාන්‍යය හිමිකරගත්
බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ප්‍රසාද ලකුණු අනුව ජයක්
ඇඹිලිපිටිය ජනාධිපති විදුහල් පළමු ඉනිම – 136 (ඕවර 47.4) දුලාන් මල්මිත 59, ප්‍රමීෂ ප්‍රේමරත්න 23 (දිනාත් චේතුල 26/2, දුල්නිත නෙත්මදු 30/2)
ඌරුබොක්ක ජාතික පාසල – 38/6 (ඕඔර 31.1) (ප්‍රමීෂ ප්‍රේමරත්න 4/2)