62
හොංකොංහිදී පැවති ‘හොංකොං සික්සර්ස් 2024’ ජාත්‍යන්තර සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ අපරාජිතයන් ලෙස ශූරතාව දිනා ගැනීමට ළහිරු මදුෂංකගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03) සමත් වූහ. ක්‍රිකට් හොංකොං විසින් සංවිධානය කරන ලද මේ තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ පාකිස්තානය කඩුලු 3කින් පරාජයට පත් විය. ශ්‍රී ලංකාව මේ තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ වසර 17කට පසුව වීම විශේෂත්වයකි.