දීපාවලි අවුරුදු සමරමින් නෑදෑ නිෙවසකට යාමට සූදානම්ව සිටි වයස අවුරුදු දෙකයි මාස එකොළහක පිරිමි දරුවකු පියාට අයත් රන් භාණ්ඩ වෙෙළඳසලක තිබූ රන් ඔපදැමීමට ගන්නා (කොපර් අම්ලය) රසායනික දියර වර්ගයක් පානය කිරීමෙන් මියගොස් ඇතැයි ගම්පොළ ගලහා පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගලහා දෙල්තොට පදිංචි ප්‍රදීපන් රත්නීස් නමැති තුන් හැවිරිදි දරුවෙකි.
මෙම දරුවාගේ පියා වන රාජමනී ප්‍රදීපන් (38) යන අය දෙල්තොට නගරයේ රන් භාණ්ඩ වෙළෙඳසලක් පවත්වාගෙන යනු ලබන අතර, මොවුන්ගේ නිෙවස පිහිටා ඇත්තේ ඊට නුදුරින් ඇති පියසේනපුර ප්‍රදේශයේ බව පොලිසිය කියයි.
පියා රන් භාණ්ඩ වෙෙළඳසල තුළ සිටිය දී ඔහුගේ බිරිය වන අල්ලිරාණි (30) යන අය සිය දරුවන් තිදෙනා සමඟ අවුරුදු නෑදෑ ගමන් යාමට සවස පහට පමණ මෙම වෙෙළඳසළට පැමිණ ඇති බවත්, වෙළෙඳසළ තුළ මවුපියන් කතාබස් කරමින් සිටිය දී කුඩා දරුවා ඒ අසල තිබූ මෙම රන් භාණ්ඩ පිරිසිදු කිරීමට ගන්නා කොපර් අම්ලය පානය කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පොලිසිය සඳහන් කරයි.
එසැණින්ම එම දරුවා බිම වැටී ඇති අතර මොවුන් දරුවා දෙල්තොට රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහි දී දෙල්තොට රෝහලේ වෛද්‍යවරුන් දරුවා බේරා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද දරුවා මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගිය අතර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. ජයසූරිය මහතා මරණ පරීක්ෂණ තීන්දුව ලබා දී තිබිණි. අනතුරුව එදිනම සිරුර දෙල්තොට නිවසට රැගෙන විත් සවස භූමදානය කරනු ලැබීය.
ගලහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ගුණසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (73168) රත්නායක පරීක්ෂණ සිදු කළහ.
ගම්පොළ -සුරංග දිල්හාන්