Saturday, May 10, 2025
Home » මධ්‍යම-සබරගමුව-ඌව-දකුණට තද වැසි

මධ්‍යම-සබරගමුව-ඌව-දකුණට තද වැසි

by sachintha
November 6, 2024 3:14 am 0 comment

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු පළාත්වල අද (06) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ අනාවැකියක් නිකුත් කරමින් සඳහන් කරයි.

උතුරු සහ වයඹ පළාත්වල සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බව ද එහි සඳහන් වේ. ඊයේ (05) පස්වරු 6.00 වන විට ගාල්ල උඩලමත්තෙන් මි.මී 130ක හා ඇහැළියගොඩින් මි.මී 114.5ක වර්ෂාපතනයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අද (06) පස්වරු 4.00 දක්වා වලංගු වන පරිදි බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක් සඳහා නාය යෑම් අනතුරු ඇගැයීම් නිකුත් කර ඇත.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT